Pages

Wednesday, April 3, 2013

මම දෙමළෙක්, ඊට කලින් ශ‍්‍රී ලාංකිකයෙක්.. මුරලිගෙන් තමිල්නාඩුවට පිළිතුරු

තමන් වසර 20 කට අධික කාලයක් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කල අතර දෙමළ ජාතිකයෙකු වීම හේතුවෙන් තමන්ට කිසිදු දිනෙක මෙරටින් බලපෑමක් හෝ බාධාවක් එල්ල නොවු බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපරි පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ට අයිපීඑල් තරගාවලියේ චෙන්නායිහී පැවැත්වෙන තරග වලට සහභාගීවීමට අවස්ථාව ලබා නොදීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසන්නේ ක‍්‍රිකට් ඉතිහාසයේ කණගාටුදායකම සිද්ධියක් ලෙස මෙය සටහන් වන බවයි.

තමන් මුහුණදුන් ගැටලුකාරී අවස්ථා වලදී ශ්‍රී ලාංකීය ජනතාව තමන් සමග රැඳී සිටි බවද පවසන මුරලි මෙරට තුල යුද ගැටුමක් ක්‍රියාත්මක වුවද ශ්‍රී ලංකාවට සාමයෙන් ජීවත්වීමේ කිසිදු බාධාවක් නොතිබු බවද අවධාරණය කරයි.

වර්තමානයේදී තමිල්නාඩුවෙන් එල්ලවන බලපෑම් හරහා යළිත් අතීතයේ මෙන් කණගාටුදායක සිද්ධීන් කිසිදිනෙක ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවද පවසන මුත්තයියා මුරලිදරන් තම බිරිඳ උපන් නගරය වන චෙන්නායිහී තමන්ට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව අහිමිවන්නේ නම් එය කණගාටුවට කරුණක් බවද කියා සිටී.

March 27, 2013 at 12:59 pm | lanka C news

0 comments: