Pages

Wednesday, April 3, 2013

‘ෆැෂන් බග්’ අවුලට මුල - මුස්ලිම් තරුණයකු විසින් 15 හැවිරිදි සිංහල තරුණියක් අපයෝජනය කිරීම

මුස්ලිම් තරුණයකු විසින් 15 හැවිරිදි සිංහල තරුණියක් අපයෝජනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් තත්වයක් මත ඊයේ පස්වරුවේ පැපිලියාන ‘ෆැෂන් බග්’ රෙදි පිළි වෙළඳ සැලට කිසියම් පිරිසක් විසින් පහරදී ඇතැයි පොලීසිය පවසයි.

මෙම සිද්ධියේදී දෙපිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර එහිදී පැපිලියාන මංසන්ධියේ තවත් වෙළඳසැලකටද අලාභ හානි සිදුව ඇතැයි පැවසේ.

සිද්ධිය හේතුවෙන් භික්‍ෂූන් වහන්සේ නමක් ඇතුළු පස්දෙනෙකු රෝහල් ගත කර තිබේ.

පොලිසියේ මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය කර ඇති අතර එම වෙළඳ සැලට බඩු රැගෙන ආ වාහනයකට පහරදී අලාබහානි කර ඇති බවත්, එම වාහනය ගිනි තැබීමට උත්සහ කර ඇති බවත් එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

ප‍්‍රහාරය සම්බන්ධ චෝදනා බොදු බල සේනා සංවිධානයට එල්ල වී ඇති අතර ඔවුන් චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරයි.

‘ෆැෂන් බග්’ වෙළඳ සැලකට පහර දීමක්, බොදු බල සේනාවට චෝදනා (Video)

March 29, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/92452/

0 comments: