Pages

Wednesday, April 10, 2013

තිස් අවුරුදු යුද්ධයට ඉන්දියාව වගකිව යුතුයි - චම්පික

ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය පිළිබදව ජාතික හෙළ උරුමය ප‍්‍රධාන පක්ෂ කාර්යාලයේදී  අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ ශී‍්‍ර ලංකාවෙන් ඉන්දියාවට යන දේශපාලඥයන්ට, රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන්ට, ව්‍යාපාරිකයන්ට, වන්දනා නඩවලට, කලාකරුවන්ට, භික්ෂූන් වහන්සේලාට සලකන ආකාරයට ප‍්‍රති සැලකිල්ලක් දක්වන්නට තරම් මේ රටේ ජනතාව අශීලාචාර පහත් තත්වයකට පත්ව නැතැයි ප‍්‍රකාශ කළ ඇමතිවරයා, ඉන්දියාවේත්, ලංකාවේත් වෙනස එය යැයි වැඩි දුරටත් ප‍්‍රකාශකර සිටියහ. එමෙන්ම ලංකාවේ දියුණුව හා සදාචාරබව, ශීලාචාරබව, දැකබලාගන්නා ලෙස ද ඇරයුම් කළ ඇමතිවරයා, ලංකාව ඉන්දියාවේ ප‍්‍රාන්තයක් හෝ යටත් විජිතයක් නොවන බවද මෙම පැමිණ සිටින පිරිස තේරුම් ගත යුතුව ඇති බවත්, ලංකාව ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවත්, ඉන්දියාවේ ප‍්‍රාන්තයක් ලෙස ලංකාව දෙස නොබලන ලෙසත් අසල්වැසියන් සමග සුහදව කටයුතු කල යුත්තේ කෙලෙසද යන්නත්, ලංකාවේ සමාජයෙන් ඉගෙන ගන්නා ලෙසත් ඉල්ලා සිටින ලදි.

තව දුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ ලංකාවේ පාර්ලිමේන්තුවට පමණක් නොව වැල්ලවත්තට, පිටකොටුවට ගොස් ඉන්දීය ව්‍යාපාරිකයන්, දෙමළ ජනතාව භුක්තිවිදින නිදහස සියැසින්ම දැකබලා ගන්නා ලෙස ඉල්ලා සිටි ඇමතිවරයා උතුරු පළාතේ දෙමළ ජනතාවට ලැබී ඇති නිදහස හා සංවර්ධනය එය අහිමි කිරීමට අතීතයේ ඉන්දියාව කටයුතු කළ ආකාරය සිහිපත් කළේය. තවද LTTE පමණක් නොව අනෙකුත් ත‍්‍රස්ත කල්ලි පෝෂණය කිරීමට ඉන්දියාව උදව් කළ ආකාරයත් , ඉන්දීය භූමිය පාවිච්චි කළ ආකාරයත්, ඉන්දියාවට මෙන්ම මෙරට ජනතාවටද රහසක් නොවන බවත්්, දෙමළ ජනතාවට සිදු වූ විනාශයට ඉන්දියාව වගකිව යුතු බවත්, ඉන්දීය පාර්ලිමේන්තුව තුළ යෝජනා සම්මත කර පරීක්ෂණ පැවැත්විය යුත්තේ රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු පත්කල ජායින් කොමිසමේ වාර්තාව පදනම් කරගෙන බවත් කියා සිටින ලදි.

ඉන්දියාවේ පංචශීල ප‍්‍රතිපත්තිය හා සාක් කළාප සම්මුතිය උල්ංඝණය කරමින් ඉන්දීය භූමිය ශී‍්‍ර ලංකාවට එරෙහිව යෙදවීම සම්බන්ධයෙන් ඉන්දියාවට එරෙහිව යෝජනාවක් හා පරීක්ෂණයක් ගෙන ආයුතු බවත් ලංකාවට එරෙහි තිස් අවුරුදු යුද්ධයට ඉන්දියාව වගකිව යුතු බවත් ඒ සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියේය. තමිල්නාඩු නාඩගම හුදකලා සිදුවීමක් නොව මන්මෝහන් සිං සෝනියා ගාන්ධි ඇතුලූ රෝ ඔත්තු සේවාවවල අනුදැනුම, ආශිර්වාදය මත සිදුවන්නක් බව චෝදනා කළ ඇමතිවරයා තමිල්නාඩු නාඩගම කෙළවර වන්නේ ඉන්දියාවද සපා කෑමෙන් පසුව බවට අනතුරු හැගවිය. එය සමස්ථ ඉන්දියාවම අස්ථාවර කිරීමට පමණක් නොව සමස්ථ දකුණු ආසියානු කළාපයම දේශපාලනික වශයෙන් හා ආර්ථිකමය වශයෙන් අස්ථාවර කිරීමට හේතු වන්නක් බවත් තමිල්නාඩුව උසි ගන්වා පටු දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ කරන සියලූ දෙනා අනාගතයේ එහි වග උත්තරකරුවන් වන බව වැඩිදුරටත් ප‍්‍රකාශකර සිටියේය.

බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල ඇමතිතුමා අදහස් දක්වමින් කියා සිටියේ බල්ලෙක් අපව සපා කෑවාට අපි බල්ලව සපා නොකන බවත් එසේ වුවහොත් අපත් බල්ලගේ තත්වයට වැටෙන බවත්, අපි බල්ලගෙ තත්වයට පත්ව නැති බවත් අපි එම වර්ගයට අයිති නැති බවත් ඉන්දීය නියෝජිත පිරිස තේරුම් ගත යුතු බවත් ඉන්දියාව බුදු රජාණන්වහන්සේගේ හා මහත්මාගාන්ධිතුමාගේ දර්ශනයන් නැවත හැදෑරිය යුතු බවත් අවධාරණය කරන ලදි.

මෙම මාධ්‍ය හමුවට ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා ද සහභාගී විය.

ලංකාව ඉන්දියාවේ ප‍්‍රාන්තයක් හෝ යටත් විජිතයක් නොවෙයි
April 10, 2013 at 4:54 pm | lanka C news

0 comments: