Pages

Saturday, April 6, 2013

සුදු වෑන් රියකින් හිමිනමක් පැහැරගෙන කලිසමක් අන්දවා මහමග දමා ගිහින්


සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් පසුගියදා (2) රාත‍්‍රියේ ගල්කිස්ස හන්දියේදී හිමිනමක් පැහැරගෙන ගොස් කළුතර  පලාතොට ප‍්‍රදේශයේදී පහර දී සිවුරු ගලව කලිසමක් හා කමිසයක් අන්දවා ඒ හිමිනම සතුව තිබූ රුපියල් විසිපන්දහසක මුදලක් හා ජංගම දුරකථනයක් ද පැහැරගෙන ගොස් ඇතැයි දකුණු කළුතර පොලීසිය කියයි.

මේ සිද්ධියට  මුහුණු දී ඇත්තේ වවුනියාව ත‍්‍රිකුණාමලය පාරේ  පිහිටි වවුනියාව වර්ධනාරාම විහාරවාසී වලල්ලාවිට රතනවංශ හිමියන්ය.

පහරකෑමට ලක් වූ හිමිනම කළුතර පලාතොට හන්දියේ  දමාගොස් සිටියදී ත‍්‍රීරෝද රථ රියදුරෙකු විසින් දකුණු කළුතර පොලීසියට ගෙනැවිත් භාරදී ඇති අතර ඉන් පසුව කළුතර    නාගොඩ රෝහලට  පසුගියදා (3) අලූයම ඇතුළත් කර ඇත.

තමන් සතුව තුබූ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් සහිත වටිනා පොත්පත් කීපයක්ද සුදුවෑන් රථයෙන් පැමිණි පිරිස කොල්ල කා ගත් බවද රතනවංශ හිමියන් පොලීසියට ප‍්‍රකාශ කර තිබේ.

April 6, 2013 at 5:31 pm | lanka C news

1 comments:

ප්‍රතිවාදියා said...

මේ කාලකන්නි යක්කුන්ට මොකක්වත් දඬුවමක් නැත්ද? නීති තියෙන්නේ අහින්සක පොඩි මිනිස්සු තලන්නයි නීති නිලධාරින්ට ගෙම්බර් පෙන්නනයි විතරයි.