Pages

Wednesday, April 3, 2013

හලාල් සහතිකය නිකුත් කිරීම මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයෙන්

ජ්‍යෙෂ්ඨ ආමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් විසින් තීරණය කර ඇත්තේ හලාල් සහතික නිකුත් කිරීමේ කටයුත්ත මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ සිදුකළ යුතු බවයි.

මෙහිදී අදාළ සහතික නිකුත් කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයට බලය නොමැති බව තීරණය වී ඇති අතර මෙකී නිර්දේශ අඩංගු කෙටුම්පත් ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ලබාදීමටද තීරණය වී ඇත.

හලාල් සහතිකය සහිත ආහාර ලබාගැනීම හා නො ගැනීමට කෙනෙකුට ඇති අයිතිය මෙහි දී පිළිගෙන ඇති අතර වෙළෙඳපොළ තුළ අදාළ දෙවර්ගයේ ම භාණ්ඩ පැවැතිය යුතු බව නිගමනය විය.

විශේෂයෙන් අපනයන වෙළෙඳ පොළ තුළට භාණ්ඩ යැවීමට හලාල් සහතිකය අත්‍යවශ්‍ය බව හා ඊට එම රජය යටතේ පවතින මුස්ලිම් ආගමික අමාත්‍යංශය කටයුතු කළ යුතු බව තීරණය වී ඇත.

March 27, 2013 at 2:33 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92398/

0 comments: