Pages

Monday, April 29, 2013

ඉස්ලාමීය සංවිධානයක් ක‍්‍රිස්තියානි බිෂොප්වරු දෙදෙනෙක් පැහැර ගනී

ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය පසුගිය සෙනසුරාදා සිරියාවේ සිරකර රදවා ගෙන සිටින කි‍්‍රස්තියානි බිෂෝප් වරු දෙදෙනා කොන්දේසි විරහිතව නිදහස් කරගැනීමට ගී‍්‍රක සහ රුසියානු කි‍්‍රස්තියානි පල්ලි සමග එකතු වී ඇත.

ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහා ලේකම් ඉක්මෙලිඩින් අයිසනොග්ලූ පවසා සිටියේ ගී‍්‍රක බිෂෝප් බුලොස් යාසිජීව සහ සිරියානු බිෂෝප් යෝහැනා ඊබ්රහීම්ව පැහැර ගැනීම ඉතා පහත් කි‍්‍රයාවක් බවයි. මෙම පූජක වරු දෙදෙනා පැහැර ගැනීමට ලක්ව ඇත්තේ පසුගිය සදුදා අලේපෝ නගරයට ගමන් කරමින් සිටියදීය.

මෙය තුර්කි දේශ සීමාවේ ඇති නගරයක් වන අතර ඔවුන් එම අවස්ථාවේ මානුෂීය කි‍්‍රයානුකාරකම් වල නිරත වෙමින් සිට ඇති බව සදහන් වේ. ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය කල මෙම ඉල්ලීමත් සමග ඔවුන් පවසා සිටියේ මෙම කි‍්‍රස්තියානි පූජකයන්ව පැහැර ගැනීම පිවිතුරු ඉස්ලාමීය මූලධර්ම වලට පටහැනි බවත් සෑම ඉස්ලාමීය රටකම කි‍්‍රස්තියානි පූජකයන්ට ඉතාමත් ගෟරවයෙන් සලකන බවත්ය.

පසුගිය අගහරුවාදා පලවුන වාර්තාවල සදහන් පරිදි මෙම බිෂෝප් වරු දෙදෙනා නිදහස් කර ඇති අතර ඔවුන් අලේපෝ නගරයේ පූජක දේවස්ථානයට ගොස් ඇති බවට සදහන් වේ. නමුත් මෙය සාවද්ය ප‍්‍රකාශයක් බව සදහන් කරමින් ඇමරිකානු අග‍්‍ර බිෂෝප් වරයාගේ පාලක ප‍්‍රදේශයකට අයත් වෙබ් පිටුවක සදහන්කර තිබිය.

April 29, 2013 at 1:45 pm | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/93646/

0 comments: