Pages

Monday, April 29, 2013

BBS ට නෝර්වේ මුල්‍ය ආධාර දුන්නේ නෑ - තානාපතිනි

තම රට විසින් බොදු බල සේනා සංවිධානයට අධාර කල බව ශ‍්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනි ගේ‍්‍රස් ලෝඩන් මහත්මිය පවසයි.

ඇය මේ අදහස් පල කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ  මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සමඟ පැවති සාකච්චාවකදීය.

කෙසේ වෙතත් තානාපතිනිය එහිදී පවසා ඇත්තේ බොදු බල සේනා සංවිධානය සඳහා තම රට විසින් මුල්‍ය ආධාර ලබා දීමක් සිදු නොවූ බවයි.

‘අපි නිතරම මේ සාමය ඇති කිරීමටයි උපකාර වෙන්නේ. අපි මීට ටික කාලයකට පෙර උන් වහන්සේලාට නෝර්වේ දේශයේ නිල සංචාරයකට ඇරයුම් කලා. ඔවුන් ඒ ඇරයුම පිළිගෙන ආවා. අපි අනිත් අයට වගේ මුදල් දුන්නේ නෑ. අධ්‍යාපන කටයුතු සඳහා ආධාර කලා පමණයි’ යයිද තානාපතිනිය එහිදී වැඩිදුරටත් පවසා තිබේ.


අපි බොදු බල සේනාවට ආධාර කලා – නෝර්වේ
April 29, 2013 at 11:53 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93649/


ප.ලි.
මෙහිදී මෙම පුවත වාර්ථා කර ඇත්තේ එහි හරයට සම්පූර්ණයෙන්ම ප්‍රති විරුද්ධ අදහසක් මතුවන පරිදි යෙදූ සිරස්තලයක් භාවිතා කරමිනි. මෙහිදී සිදුව ඇත්තේ මූල්‍ය ආධාර නොදුන් බව තනාපතිවරිය එ.ජා.ප මහලේකම්ට සහතික වීම වුවද, සිරස්තලය ගම්‍ය කරන්නේ උඩුයටිකුරු වූ අන්තර්ගතයකි. (තානාපතිවරිය අධ්‍යාපන කටයුතු සඳහා පමණක් අනුග්‍රහය දක්වා ඇතිබව පවසා තිබේ.) තම පුවත අලෙවිකිරීම සඳහා මෙවැනි පහත් ක්‍රියා මෙම අඩවිය තුළ නිතරම සිදුවේ. ඇතැම්විට උපුටගැනුම්වල නිවැරදි ලින්තු දැක්වීමද සිදු නොවේ.

-දෙනෙත් හරින්න!- අපි

[
සබැඳි ලිපි
BBSට නොර්වේ අධාර ???http://denethharinna.blogspot.com/2013/04/bbs_23.html
]

0 comments: