Pages

Thursday, April 11, 2013

ප්‍රසිද්ධියේ මත්පැන් බොමින් හැසිරුණු දමිළ භික්ෂු අනුරූපකයා හිරේට

සිවුරක් ඇඳ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක ලෙස පෙනී සිටිමින් මහනුවර දුම්රිය ස්ථානය අසල ස්ථානයක ප‍්‍රසිද්ධියේ මත්පැන් පානය කරමින් සිටි ලියාපදිංචි අපරාධකරුවෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.

එහි දී ඔහුට වසරක සිරදඬුවමක් නියම කොට එකී සිරදඬුවම වසර දහයකට අත්හිටුවා රුපියල් තුන් දහසක දඩයක් ද නියම කොට චූදිතයා වසරක් පොලිස් පරිපාලනය යටතේ සිටිය යුතු බවට ද නියෝග කළේ ය.

චූදිතයාට එරෙහිව ආගමකට නිගරු වන අයුරින් කටයුතු කිරීම, අන් අයෙකු ලෙස පෙනී සිටීම හා ප‍්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීම යන චෝදනා යටතේ චෝදනා ගොනුකර තිබුණි.

එම එම චෝදනාවන්ට වරදකරු වූයේ තිරප්පනේ කුංචිකුලමේ දුටුගැමුණු පුරාණ විහාරයේ වැඩ වාසය කරමින් සිටින බව පවසමින් කැකුණදුර සීලරතන නමින් පෙනී සිටි නුවරඑළිය හාවාඑළිය ප‍්‍රදේශයේ පදිංචි තම්බු විශ්වනාදන් ෂර්මා නේරු නැමැති ද්‍රවිඩ ජාතිකයෙකුට ය. 

භික්‍ෂූවක් සේ සිවුරක් හැඳ මත් පැන් බොමින් සිටි ලියාපදිංචි අපරාධකරු අත්අඩංගුවට
April 11, 2013 at 2:34 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/93006/

0 comments: