Pages

Saturday, April 6, 2013

තමිල්නාඩු බලපෑම්වලට එරෙහිව ඉන්දියාවේ දැවැන්ත පෙළපාලියක්‌

තමිල්නාඩුව ශ්‍රී ලංකාවට එරෙහිව කරන බලපෑම්වලට එරෙහිව දැවැන්ත පෙළපාලියක්‌ සහ උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට සමස්‌ත ඉන්දියානු භික්‍ෂු බල මණ්‌ඩලය තීරණය කර ඇත.

මහාරාෂ්ඨ ප්‍රාන්තයේ නාග්පූර් නගරයේ දී ලබන 13 වැනි දින දැවැන්ත පෙළපාලියක්‌ සහ උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට සමස්‌ත ඉන්දියානු භික්‍ෂු බල මණ්‌ඩලය තීරණය කර ඇත.

ඉන්දියාවේ බහුතර බෞද්ධ පිරිසක්‌ ජීවත් වන ප්‍රාන්තය වන මහාරාෂ්ඨ ප්‍රාන්තයේ නාග්පූර් නගරයේ පිහිටි ප්‍රධාන බෞද්ධ සිද්ධස්‌ථානය වූ බුද්ධභූමි විහාරයේ සිට නාග්පූර් හි (දිස්‌ත්‍රික්‌ කලෙක්‌ටර්) ලේකම් කාර්යාලය වෙත මෙම පෙළපාලිය ගමන් කිරීමට කටයුතු යොදා ඇත. එහිදී මහ ඇමැති ලේකම්වරයාට මෙන්ම නාග්පූර් දේශපාලනඥයන් වෙත ඉන්දීය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත සංදේශයක්‌ ද බාරදීමට නියමිතය. වසර දෙදහස්‌ පන්සියයකටත් වඩා වැඩි කාල පරාසයක්‌ පුරා දෙපාර්ශ්වය අතර පැවැති මිත්‍රත්වය, ඥතිත්වය පදනම් කර ගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බව සමස්‌ත ඉන්දියානු භික්‍ෂු බල මණ්‌ඩලයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය" වෙත පැවැසීය.

මේ අතර තමිල්නාඩු ප්‍රාන්තය ශ්‍රී ලංකාවට එරෙහිව දියත්කරන වැඩපිළිවෙළ හෙළා දකිමින් ඊට එරෙහිව ඉදිරියේදී තමිල්නාඩු ප්‍රාන්තයේ කතෝලික දෙව් මැදුරු විරෝධතා වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට සැලසුම් කර තිබේ.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය, ශ්‍යාම් නුවන් ගනේවත්ත, නෝමන් පලිහවඩන

0 comments: