Pages

Monday, April 22, 2013

දුප්පත් පවුල් ඉලක්‌ක කර ආගමට හැරවීම සඳහා ළමුන් යොදාගත් තිස්ස නිවාසයේ පාස්‌ටර්

තිස්‌සමහාරාම ළමා නිවාසයේ සිට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත අධිකරණයෙන් භාරදුන් දරුවන් 38 දෙනෙකු අද (22දා) තිස්‌සමහාරාම අධිකරණය වෙත යොමු කිරීමට නියමිතය.

මෙම දරුවන් සිය දෙමාපියන් වෙත භාරදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.

මෙම දරුවන් අතරින් වැඩි පිරිසකට දෙමාපියන් සිටින බවත් ළමා නිවාසයක සිටිය යුත්තේ දෙමාපියන් නොමැති අසරණ දරුවන් වූවත් මෙම ළමා නිවාසයේ වැඩිපුර සිට ඇත්තේ දුෂ්කර ගම්මානවල දුප්පත් දරුවන් බවත් අනාවරණය වී ඇතැයි අනෝමා දිසානායක මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

මෙහි භාරකාරත්වය දැරූ පාස්‌ටර්වරයා දරුවන් වෙනුවෙන් නිසිඅයුරින් ආධාර ලබා ගනිමින්, දරුවන් වෙනුවෙන් ළමා නිවාසයට ලබාදුන් බස්‌රථ, ජීප්රථ ඇතුළු රථ වාහන සිය පෞද්ගලික ව්‍යාපාර සඳහා යොදවා ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම ළමා නිවාසයේ දරුවන් සඳහා විවිධ පරිත්‍යාගශීලීන් විසින් මාසිකව බැංකු ගිණුම්වලට මුදල් ලබාදෙන අතර පාස්‌ටර්වරයා විවිධ නම් යොදා බැංකු ගිණුම් හතරක්‌ තිස්‌සමහාරාම හා කතරගම ප්‍රදේශයේ ගනුදෙනු සඳහා යොදවා ඇතැයිද පැමිණිලි ලැබී තිබේ.

දුප්පත් පවුල් ඉලක්‌ක කර ආගමට හැරවීම සඳහා ළමුන් යොදා ගැනීම මෙම පාස්‌ටර්වරයා විසින් සිදුකරන අතර මෙම ළමා නිවාසයේ ආදායම් පිළිබඳව හා දරුවන් වෙනුවෙන් ලැබෙන මුදල් පිළිබඳව ආදායම් දෙපාර්තමේන්තුව හෝ වගකිවයුත්තන්ගේ අවධානය වහාම යොමු කළයුතු බවටද ප්‍රදේශවාසීහු කියා සිටිති.

තිස්‌ස නිවසෙන් ළමාරක්‍ෂක අධිකාරියට භාර දුන් දරුවෝ අද උසාවිය හමුවට
කතරගම - කේ. ඩී. දේවප්‍රිය
http://www.divaina.com/2013/04/22/news14.html

[
සබැඳි ලිපි -

බෝගහපැලැස්‌ස පාස්‌ටර්ට එරෙහිව තිස්‌සේ උද්ඝෝෂණhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_4574.htmlදේවගැතිවරයකු යටතේ තිබූ තිස්ස තවත් ළමා නිවාස දෙකක් අල්ලයිhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8664.htmlතිස්‌ස නිවසේ භාරකාරත්වයෙන් පාස්‌ටර්ගේ නැගණිය ඉවතටhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_6277.htmlබෝගහපැලැස්ස ළමා නිවාසය ගැන කිතුනු සභාවත් අගරදගුරුත් නිහඬ ඇයි? - JHUhttp://denethharinna.blogspot.com/2013/04/jhu_5517.htmlතිස්‌ස ළමා නිවසේ පාලනය පාස්‌ටර්ගේ සොයුරියටhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_6264.html
අනාථ දරුවන් ලවා ඌරන් මැවූ දේවගැතිවරයා අත්අඩංගුවට
http://denethharinna.blogspot.com/2013/03/blog-post_439.html
]

0 comments: