Pages

Thursday, April 18, 2013

ශ‍්‍රී ලංකාවේ අල්කයිඩා ක‍්‍රියාත්මක නෑ – බුද්ධි අංශ

ඉරානයේ බුද්ධි අංශ වාර්තාවක් උපුටා දක්වමින් ශ‍්‍රී ලංකාවේ අල්කයිඩා ත‍්‍රස්ත සංවිධානය ක‍්‍රියාත්මක වන බවට පළවන වාර්තා පිළිබඳ ව මෙරට බුද්ධි අංශ ප‍්‍රධානීන් පවසන්නේ ශ‍්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන අල් කයිඩා ත‍්‍රස්ත සංවිධානය ක‍්‍රියාත්මක නො වන තහවුරු කර ඇති බවයි.

රජයේ ආරක්ෂක බුද්ධි අංශ ප‍්‍රධානියෙකුගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ අල්කයිඩා සංවිධානය ක‍්‍රියාත්මක වන බව පැවැසීම මුළුමනින් ම අසත්‍යයක් බව යි.

‘ශ‍්‍රී ලංකාව තුළ මේ දක්වා අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ව කිසිදු ත‍්‍රස්ත ක‍්‍රියාවක් සිදු වී නෑ. එමෙන් ම එවැනි ත‍්‍රස්ත ක‍්‍රියා සැලසුමක් හෝ පිළිබඳ ව කිසිදු වාර්තාවකුත් නෑ.

දරුණු ම ත‍්‍රස්ත සංවිධානය වන එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කළ රටක් ලෙස ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක බුද්ධි අංශ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශීය හා ජාත්‍යන්තර ක‍්‍රියාකාරිත්වයන් සිදුවන්නේ ද යන්න පිළිබඳවත් ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන විදේශීය ත‍්‍රස්තත සංවිධාන පිළිබඳවත් අපේ බුද්ධි අංශ ජාල විමසිල්ලෙන් පසුවනවා’ යැයි එම ආරක්ෂක බුද්ධි අංශ ප‍්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ ය.

April 18, 2013 at 12:01 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/93186/

[
සබැඳි ලිපි -

ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7325.html
]

0 comments: