Pages

Wednesday, April 3, 2013

බලය බෙදන්නේ නම් රටේ බහුතර මතය විමසිය යුතුයි - ගෝඨා

ශ‍්‍රී ලංකාවේ බලය බෙදීමක් සිදු කරනවා නම් එය කළ යුත්තේ ජාත්‍යන්තරයට හෝ කොටි ඩයස්පෝරාවට  ඕනෑ ආකාරයට නොව, මේ රටේ බහුතර පොදු ජනතාවට  ඕනෑ ආකාරයට බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

‘දැන් යුද්ධයෙන් පසුව එක එක්කෙනා ලය බෙදීම බෙදීමක් ගැන කතා කරනවා. ඒ ගැන ජාත්‍යන්තර රටවල් අපිට උපදෙස් දෙනවා. බලපෑම් කරනවා. තමිල්නාඩුවේ දේශපාලකයන් එහෙන් කෑගහනවා. ඒත් ඒ අය කොහොමද අපේ රටේ බලය බෙදීමක් ගැන කතා කරන්නේ. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්, ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මේ රටේ බලය බෙදීමක් කරනවා නම් එය කළ යුත්තේ මේ රටේ ජනතාවගේ බහුතර මතයට අනුවයි’’ යැයි ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කළේ ය.

‘අද මේ රටේ තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක්. මේ රටේ හමුදා කුමන්ත‍්‍රණයකින් බලය අල්ලාගෙන නෑනේ. කැරැල්ලකින් බලය අල්ලාගෙනත් නෑ. රටේ තිබුණු ත‍්‍රස්තවාදය දැන් නිමා වෙලා තිබෙනවා. දැන්  ඕනෑ ම  ඕනෑ ම දේශපාලනයකට නිදහස තිබෙනවා. උතුරේ  ඕනෑම අයෙකුටත් දකුණේ  ඕනෑ ම අයෙකුටත් සැකයකින් තොර ව ගමන් කිරීමට නිදහස තිබෙනවා. නියමිත කාලයට ඡන්ද පවත්වනවා. තමන් කැමැති  ඕනෑ ම අපේක්ෂකයෙකුට එහි දී ඡන්දය දිය හැකියි. ඉතින් බලය බෙදනවා කියන්නේ මොකක්ද? මේක මේ නැවත රට කෑලිවලට කැඞීමට යළි සූදානම් වීමක්’’ යැයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ය.

‘අද ශ‍්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්බාධක දැමීමට ඇමෙරිකාව කටයුතු කරන බවට මතයක් පතුරවනවා. මෙය මුළුමනින් ම අසත්‍යයක්. ඇමෙරිකාවට එක්සත් ජාතීන්ගේ සම්බාධක දැමිය නො හැකියි. ඇමෙරිකාව අපට යුද්ධ කාලයේදීත් ඇතැම් බාධක දාලා තිබුණා. අපට ආයුධ දුන්නේ නෑ. තිබුණු ආයුධවලට අමතර කොටස් දුන්නෙත් නෑ. ඇමෙරිකාවට  ඕනෑ නම් අපට එරෙහි ව ඒවායේ යම් යම් කටයුතු සීමා කළ හැකියි. ඒත් ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක පැනවිය නො හැකියි. අපේ රට යුද්ධයෙන් පසුව ගෙන තිබෙන සාධනීය ක‍්‍රියාමාර්ග පිළිබඳ ව චීනය, රුසියාව ඒ වාගේ ම ඉන්දියාවත් අවධානයෙන් සිටිනවා. ඇමෙරිකාවේ මතය චීනය, රුසියාව පිළිගන්නේ නෑ’ යැයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

March 27, 2013 at 11:20 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/92391/

0 comments: