Pages

Saturday, April 6, 2013

දේවගැතිවරයකු යටතේ තිබූ තිස්ස තවත් ළමා නිවාස දෙකක් අල්ලයි

බෝගහපැලැස්ස ප‍්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක ළමයින් ඌරන් මැරීමට යෙදවීයැයි කියන සිද්ධියක් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා එහි සිටි ළමයින් 10දෙනෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය භාරයට පත් කර තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමේ දී හෙළි වූ කරුණු කාරණා මත ඒ ප‍්‍රදේශයේ තවත් ළමා නිවාස දෙකක සිටි ළමුන් 80 දෙනෙකු මෙසේ ළමා ආරක්ෂක අධිකාරිය බාරයට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පවසයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය භාරයට පත් මෙම ළමයින් අපයෝජනවලට ලක්වී ඇත්ද යන්න ගැනත්, ඔවුන්ගේ අයිතිවාසිකම් කඩවී ඇත්ද යන්න පුළුල් ලෙස පරීක්ෂණ පැවැත්වීමට ඔවුන් කොළඹට රැගෙන එන බව ද දිසානායක මහත්මිය කීවා ය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ පොලිස් ස්ථානාධිපති බී. ඩබ්ලිව්. බෝපිගොඩ මහතා තිස්සමහාරාම දිසා අධිකරණයේ මහේස්ත‍්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා ද තොරතුරු වාර්තාවක් මඟින් කරුණු දක්වා කරන ලද ඉල්ලීමක් සලකා බලා මෙම ළමයින් 80 දෙනා ජාතික ළමා අධිකාරිය බාරයට පත් කෙරිණි.

April 6, 2013 at 4:05 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92764/

[
සබැඳි ලිපි -

තිස්‌ස නිවසේ භාරකාරත්වයෙන් පාස්‌ටර්ගේ නැගණිය ඉවතටhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_6277.htmlබෝගහපැලැස්ස ළමා නිවාසය ගැන කිතුනු සභාවත් අගරදගුරුත් නිහඬ ඇයි? - JHUhttp://denethharinna.blogspot.com/2013/04/jhu_5517.htmlතිස්‌ස ළමා නිවසේ පාලනය පාස්‌ටර්ගේ සොයුරියටhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_6264.html
අනාථ දරුවන් ලවා ඌරන් මැවූ දේවගැතිවරයා අත්අඩංගුවට
http://denethharinna.blogspot.com/2013/03/blog-post_439.html
]

0 comments: