Pages

Saturday, April 6, 2013

බොදු බල සේනා තහනම් කිරීමේ කුමන්ත‍්‍රණයක් - ඥානසාර හිමි

ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන් රාජ්‍ය නො වන සංවිධාන, මාධ්‍ය ආයතන සහ ඇතැම් වෙබ් අඩවි එක්ව බොදු බල සේනා ජාලය තහනම් කර, එහි කටයුතු අඩාල කිරීම සඳහා කුමන්ත‍්‍රණයක් දියත් කරන බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

මේ පිළිබඳ ව රහස් පොලිසියට පැමිණිලි කිරීමට ක‍්‍රියා කළ බවත්, තම සංවිධානයේ කටයුතු අඩාල කිරීමට හෝ තහනම් කිරීමට කිසි ම බලවේගයකට ඉඩ ලබා නො දෙන බව ද උන්වහන්සේ කියා සිටිති.

වෙබ් අඩවි හරහා බොදුබල සේනා ජාලයට එරෙහි ව මඩ ප‍්‍රචාරයක් ගෙන යන බවත්, ඇතැම් වෙබ් අඩවිවල හා පුවත්පත්වල බොදු බල සේනාව ත‍්‍රස්තාවාදී සංවිධානයක් ලෙස සඳහන් ව තිබීම, බොදුබල සේනා තහනම් කරන ලෙස අන්තවාදී මුස්ලිම් නායකයන් ඉල්ලා සිටීම, බොදුබල සේනාව නමින් වංචනික හා සදාචාර විරෝධී ලෙස සමාජ ජාලා සහ වෙබ් අඩවි පවත්වාගෙන යාමෙන් සිය සංවිධානයට හානිගෙන දීමට මෙම පිරිස උත්සාහ ගෙන ඇතැයි ද ඥානසාර හිමියෝ පැවැසූහ.

මීට අමතර ව බොදුබල සේනා ලිපි ශීර්ෂ භාවිත කරමින් මාධ්‍ය වෙත වංචනික ලෙස නිවේදන යැවීම සහ මුස්ලිම් පල්ලිවලට පහරදෙන බව එම ලිපිවල සඳහන් ව තිබීම දැඩි පිළිකුළෙන් යුතු ව හෙළා දකින බව ද උන්වහන්සේ සඳහන් කළහ.

April 5, 2013 at 12:59 pm | lanka C news

0 comments: