Pages

Friday, April 12, 2013

දළදා කරඩුව හා පෙරහර මුද්‍රණය කළ සරම් තොගයක් BBS වටලයි

දළදා කරඩුව හා මහනුවර ශ‍්‍රී දළඳා මාළිගාවේ පෙරහර මුද්‍රණය කළ සරම් තොගයක් බත්තරමුල්ල ප‍්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසැලක විකිණීමට තබා තිබිය දී බොදුබල සේනා සංවිධානයෙන් සොයා ගෙන තිබේ.

බොදුබල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක අලූත්වැව ආනන්ද හිමි වෙත ලැබුණු තොරතුරක් මත මේ වැටලීම සිදුකර තිබූ අතර මේ සරොම්වල වාටිය නිර්මාණය කර ඇත්තේ මහනුවර වැවේ වැව් බැම්මේ ආකෘතියට අනුව ය. මේ හරහා බෞද්ධයන්ගේ මුදුන්මල්කඩවන් ශ‍්‍රී දළඳා මාළිගයට සිදු වී තිබෙන හානිය බෞද්ධ සමාජයට ම සිදුකළ හානියක් බව බොදුබල සේනා සංවිධානය පවසයි.

බොදු බල සේනාව සරම් කඩයක් වටලයි
April 12, 2013 at 8:37 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93031/

0 comments: