Pages

Thursday, April 11, 2013

උතුරේ ජනයා වෙනුවෙන්, හමුදාවෙන් තරම් සහයක් වෙනත් කිසිවකුගෙන් ලැබුනෙ නෑ - ශ‍්‍රීලනිප සංවිධායිකා TNAට කියයි

ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයින් ඉදිරියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන් හා දෙමළ සන්ධාන මන්ත‍්‍රී සුමන්දිරන් අතර ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

උතුරේ ළමා අපචාරවලට සම්බන්ධ පුද්ගලයන් බේරා ගැනීමට අධිකරණය හමුවේ පෙනී සිටින අය අපචාරවලට ලක් වූ අය ගැන කතා කිරීම විහිළුවක් බව ශ‍්‍රීලනිප වන්නි, කිලිනොච්චි සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන් කියනවාත් සමඟ මේ ගැටුම්කාරී තත්ත්වය ඇති ව තිබේ. මේ දිනවල ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම යාපනයේ සංචාරය කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දී දෙමළ දේශපාලන ක‍්‍රියාකාරීන්, ස්වේච්ඡුා සංවිධාන නියෝජිතයින් හමු වී සාකච්ඡුා කළහ.

මෙහි දී දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් කතා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ සුමන්දිරන් ආණ්ඩුව දැඩි ලෙස දෝෂාදර්ශනයට ලක් කරමින් අතුරුදන් වූවන්, නැවත පදිංචි කරවීම්, ළමා අපචාර සිදුවීම්, හමුදා බලපෑම් ඇතුළු ප‍්‍රශ්න ගණනාවක් විසඳා නැතැයි කියා සිටියේ ය.සුමන්දිරන කළ ප‍්‍රකාශයට දැඩි විරෝධය පළකර සිටි ගීතාංජලී නගුලේෂ්වරන් මහත්මිය උතුරේ නැවත පදිංචි කිරීම් ඇතුළු ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට ආරක්ෂක හමුදාවෙන් තරම් සහයක් වෙනත් කිසිවකුගෙන් නො ලැබෙන බවත් දෙමළ ජාතික සන්ධානය මේ සියලූ කටයුතු අඩපණ කරවීමට කටයුතු කරමින් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරන බවත් කියා සිටියේ ය.

ළමා අපචාර සිදුවීම්වලට විශේෂයෙන් විදෙස්ගත ව සිට පැමිණෙන දෙමළ ඩයස්පෝරාව වැනි අයත් උතුරේ දේශපාලන ක‍්‍රියාකාරීනුත් සම්බන්ධ වූවා මිස ආරක්ෂක අංශවලට එරෙහිව එවැනි චෝදනා එල්ල නො වන බවත් කියා සිටියා ය.

ලිංගික අපචාරවලට සම්බන්ධ පිරිස් බේරාගැනීමට අධිකරණය හමුවේ පෙනී සිටින අයට මේ අයගේ අයිතිවාසිකම් ගැනත් කතා කිරීම විහිළුවක් බවත් ප‍්‍රකාශ කිරීමෙන් සුමන්දිරන් මන්ත‍්‍රීවරයා හා ගීතාංජලී මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබේ.

සුමන්දිරන් – ගීතාංජලී මත ගැටුමක
April 11, 2013 at 1:47 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/93005/

0 comments: