Pages

Wednesday, April 10, 2013

හලාල් සහතික ඉවත් කොට රටේ සාමය ඇතිකිරීමට බොදු බල සේනා ව්‍යාපාරය ගන්නා උත්සහය අගය කරනවා - SF

හලාල් සහතික ඉවත් කොට රටේ සාමය ඇතිකිරීමට බොදු බල සේනා ව්‍යාපාරය ගන්නා උත්සහය අගය කරන බවත්, එහෙත් ලේකම්වරයෙකු පැවසූ පමණින් එම හලාල් ඉවත් කරගැනීමේ සටනින් බොදු බල සේනා සංවිධානය ඉවත්වීම මෙරට බෞද්ධ ජනතාව නොසලකා සිදු කළ පාවාදීමක් බවත් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ පැවති උත්සව සභාවක් අමතමිනි.

හලාල් මුලුමනින්ම ඉවත් කර බෞද්ධ ජනතාව ප්‍රකාශකරන තුරු හලාල්වලට එරෙහි සටන ක්‍රියාත්මක කළ යුතුව තිබුණුබවද පවසන සරත් ෆොන්සේකා මහතා මෙරට බහුතර සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් හලාල් ආහාර වෙළෙඳපොලින් මුළුමනින්ම ඉවත් කරන තුරු බොදු බල සේනා සංවිධානය හඬ නැඟිය යුතු බවත් ඒ වෙනුවෙන් සටන් කළ යුතු බවත් එහිදී පැවසීය.

ලේකම්වරයෙකු කියූ පමණින් හලාල් සටන අත්හැරීම මඟින් එම බෞද්ධ සංවිධානය මෙම සටන ආරම්භයට තැබූ පියවර පිළිබඳව සැකමතුවන බවත් තමන්ද හොඳ බෞද්ධයින් බවත් එම නිසා අන්‍යාගමිකයින්ට ගරු කරන බවත් එහෙත් යම් සුළුතරයක් විසින් බහුතරය ආක්‍රමණයට ගන්නා කූට උපක්‍රමයන්ට ඉඩ නොදෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

බොදු බල සේනා හලාල් සටනින් ඉවත් වීම බෞද්ධයන් පාවා දීමක්
April 10, 2013 at 10:14 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92952/

0 comments: