Pages

Wednesday, April 3, 2013

හර්තාලය සාර්ථක නො වූයේ පොලිසිය බියවැද්දු නිසා – මුජිබර් රහුමන්

මෙරට මුස්ලිම් ජනතාවට සිදු වෙන පීඩාවන්ට එරෙහිව සංවිධානය කළ දීපව්‍යාප්ත හර්තාලය කොළඹ අවට ප‍්‍රදේශවල සාර්ථන නො වුණේ එම ප‍්‍රදේශවල ජනතාව පොලිසිය විසින් බියවැද්දීම බව එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත‍්‍රී මුජිබර් අහුමන් මහතා ප‍්‍රකාශ කරයි.

කඩ වසා දමා හර්තාලයට සහාය දෙන ව්‍යාපාරිකයන්ට සදාකාලිකව සිය ව්‍යාපාර කරගෙන යා නො හැකි වනු ඇති බවට සෙනසුරාදා (23) හා ඉරිදා (24) දිනවල පොලිසිය තර්ජනය කර ඇති බවට හෙතෙම පැවැසීය.

විවිධ ගුවන්විදුලි නාළිකා ඇතුළු ජනමාධ්‍ය භාවිත කර මුස්ලිම් පූජකයන් ලවා හර්තාලයට සහභාගි නො වන ලෙස ජනතාවට පණිවුඩ නිකුත් කිරීම ද කොළඹ හා දකුණු පළාතේ හර්තාලය අසාර්ථක වීමට තවත් එක් හේතුවක් බව ඔහු පවසයි.

March 27, 2013 at 10:47 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92386/

0 comments: