Pages

Tuesday, March 26, 2013

‘ලංකා දේව සභාව’ට භික්‍ෂු විරෝධතාවයක්

නීත්‍යානුකූල නො වන පරිදි කොට්ටාව නගරයට ආසන්නව පවත්වාගෙන යන බව කියන ලංකා දේව සභාව නමැති ආගමික ස්ථානයක් ඉවත් කරගන්නා ලෙස බල කරමින් භික්ෂූන් වහන්සේලා හා ප‍්‍රදේශවාසීන් පිරිසක් එම ස්ථානය ඉදිරිපිට ඊයේ විරෝධතාවක නිරත වූහ.

කොට්ටාව මහල්වරාව අතරතුර නගරයට ආසන්නව පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ වසරකට වැඩි කාලයක සිට මෙම ආගමික ස්ථානය පවත්වාගෙන ගොස් තිබේ. එය නීත්‍යානුකූලව කිසි ම ආයතනයක ලියාපදිංචි වී නැති බැවින් එවැන්නක් පවත්වාගෙන යාමට ඉඩ දිය නො හැකි බව උද්ඝෝෂකයෝ පැවසූහ.

මීට පෙර ද උද්ඝෝෂණයට මැදිහත්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස් කොට්ටාව පොලිසියේ පැමිණිල්ලක් කර මොවුන් ඉවත් කරන ලෙස ද ඉල්ලා ඇත.

දේව සභාව පැවැති ස්ථානයට පැමිණි උද්ඝෝෂකයෝ දේව සභාවේ පිරිසට ඉවත්ව යාමට විනාඩි 10ක කාලයක් ලබා දුන්හ. එහෙත් එය නොතකා ආගමික වතාවත් ආරම්භ කළ පසු උද්ඝෝෂකයෝ අවිස්සාවේල්ල – කොළඹ ප‍්‍රධාන බස් මාර්ගයේ වාඩිවී විරෝධය දැක්වූහ. මේ හේතුව නිසා වාහන ගමනාගමනය ද සුළු වේලාවකට ඇණහිටින පසුව පොලිසිය මැදිහත්ව දේව සභාවේ පිරිස අදාළ ස්ථානයෙන් ඉවත් කර පිටත් කළ පසු පිරිස විසිර ගියහ.

March 26, 2013 at 10:38 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92335/

1 comments:

ප්‍රතිවාදියා said...

මොන විරෝධතාවයක් පෑවත් අන්තිමට ජාතික සමගියේ කඩතුරාවෙන් වහන එකයි අපේ ලොකු තැන්වල එවුන් කරන්නේ.