Pages

Wednesday, March 6, 2013

78%ක්‌ව සිටි සිංහල බෞද්ධ ජනතාව 70% දක්‌වා අඩුවෙලා - මහින්දයාපා

78% ක්‌ ව සිටි සිංහල බෞද්ධ ජනගහනය මේ වන විට 70% දක්‌වා අඩු වී තියෙනවා. මේ විදියට ජනගහනය අඩු වුණොත් ජනසංයුතියේ සම්පූර්ණ වෙනසක්‌ සිදුවීමට ඉඩ තියෙනවා. ඒ නිසා අපේ ජනගහන වර්ධනය ගැනත් කල්පනා කළ යුතු යෑයි කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

කඹුරුපිටිය මාපලාන සිරි පඤ්ඤාලංකාර දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය මාපලාන බෝධීන් වහන්සේ අබියස වූ ධර්ම ශාලාවේදී පැවැත්විණි.

එහිදී තවදුරටත් කතා කළ මහින්ද යාපා අබේවර්ධන මහතා

එහෙම නූනොත් අපේ රට අපට නැති වේවි. අපේ රටේ අපට අවශ්‍ය ආහාර තියෙනවා. අවශ්‍ය නිදහස තියෙනවා. භෞතික පහසුකම් විශාල වශයෙන් වැඩිවෙමින් පවතිනවා. මේක අපේ පළාතෙ විතරක්‌ නොවෙයි, රට පුරාම සීග්‍ර සංවර්ධනයක්‌ සිදුවෙමින් පවතිනවා. රටේ පවතින මේ යහපත් වාතාවරණය වෙනස්‌ කරන්න විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. සමහර ඒවා ආගමික මුහුණුවරින් තියෙනවා. අපි අවශ්‍ය දේ පමණක්‌ අරගෙන අනවශ්‍ය දේ බැහැර කිරීමට කටයුතු කළ යුතුයි. රටේ සිදුවන යම් යම් කුමන්ත්‍රණකාරී වැඩසටහන් පිළිබඳ විමර්ශනාත්මකව සිටිය යුතුයි.

දහම් පාසල්වලින් කරන්න ඕන දරුවන් අන්තවාදයට ගෙන යන එක නොවෙයි. රටේ පැවැති ත්‍රස්‌තවාදය අවසන් කොට සාමය දිනාගත්තෙ ඉතාමත් අමාරුවෙන්. ඒක 

රැකගැනීම ඊටත් වඩා අමාරුයි. හැම බලවේගයක්‌ම පිටුපසින් එන දේ කුමක්‌ ද කියල අප කල්පනා කළ යුතුයි.

කඹුරුපිටිය ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලයේ සභාපති අතුරලියේ ඉන්ද්‍රජෝති හිමි(- දරුවන් දහම්පාසලට එවන්න ඕන සහතික ලබා ගන්න වත් උපාධි ලබාගන්නවත් නොවෙයි. දරුවන් හදන්නයි. සමහර දෙමාපියන් දරුවන් දහම් පාසලට එවන්නෙ ගෙදර දොර වැඩපල කර ගන්න නිදහස ලබාගන්න.

ඒවායේ වැඩිපුරම ඉගෙන ගන්නේ ගැහැනු ළමයි. මේකට අම්මල තාත්තල වගකිව යුතුයි. දරුවන්ට දුරකථන අරන් දුන්නම තමයි මේ විනාශය සිදුවන්නෙ. දැන් නැවත සැරයක්‌ පඳුරක්‌ ගානෙ මත්ද්‍රව්‍ය පැතිරෙනව.

ඉරිදා දහම් පාසල් දවසේ ටියුෂන් පංති පවත්වනවා. අපි කිව්වට අපට කරන්න දෙයක්‌ නැහැ. නමුත් මේකට කරන්න පුළුවන් දේ තියෙන්නෙ අම්මල තාත්තලටයි.

මාපලාන සිරි පඤ්Æලංකාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය මාපලානේ විමලරතන හිමියෝද කතා කළහ.

පී. එල්. ජයවර්ධන - කඹුරුපිටිය
http://www.divaina.com/2013/03/06/provin08.html

0 comments: