Pages

Saturday, March 16, 2013

NGO අන්‍යාගමික කරණයේ

රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් බුද්ධාගම නැති කරන්න වැඩ කරමින් සිටින්නේ යයි හැටන් ශ‍්‍රී නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පළාත් ප‍්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍ය මහාගම විමල නායක හිමියෝ පවසති.
‘හැටන් ගාමිණී පුර ප‍්‍රදේශයේ පවුල් දහයක (10) පමණ පිරිසක් බුදු දහස අතහැර වෙනත් ආගමකට හරවා ගෙන තියෙනවා. මෙය කර තිබෙන්නේ එක්තරා රාජ්‍ය නො වන සංවිධානයක් මඟින් කොළඹ ප‍්‍රදේශයේ දී.
මෙම පිරිස ගෙන්වා කරන ලද විමසීම්වල දී ඔවුන්ගෙන් මට දැනගන්න ලැබුණේ මෙම පිරිස ආගම් මාරු කර තියෙන්නේ ඉතා ම සුළු දේවල් සඳහා බව යි. මේ අයගේ ගෙවල්වල තිබූ බුදුපිළිම පවා ඉවත් කර ඇති බවත් දැනගන්න ලැබුණා’ යයි හැටන් ශ‍්‍රී නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පළාත් ප‍්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍ය මහාගම විමල නායක හිමියෝ උන් වහන්සේ පවසන ලද්දේ හැටන් තරුණ බෞද්ධ සංගමයේ 32 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ අනුශාසනාව පවත්වමිනි.
‘බුදු දහම කියන්නේ නිදහසේ අදහන්න පුළුවන් ආගමක්. මේ වන විට බෞද්ධයන් විවිධ ක‍්‍රම ඔස්සේ වෙනත් ආගම් සඳහා හරවා ගැනීම් සිදු කරනවා. මේ පිළිබඳ අපි සැලකිලිමත් විය යුතු යි’ යනුවෙන්ද උන් වහන්සේ සඳහන් කළහ.

NGO නඩයක් බුද්ධාගම නැති කරන්න බරට වැඩ
March 15, 2013 at 9:42 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91798/

[
සබැඳි ලිපි
රාජ්‍ය නොවන සංවිධානයක ඉල්ලීමට 'ගාමිණීපුර' පවුල් 10ක්‌ බුදුදහම අත්හැරලා
http://denethharinna.blogspot.com/2013/03/10.html
]

0 comments: