Pages

Wednesday, March 20, 2013

බොදුනුවන්ට ආරක්ෂාව දෙන්න බැරිනම්, තමිල්නාඩු දමිළයන් ගැනත් ගැටළු ඇතිවේවි! - රාවණා බලය

මෙරට ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය විසින් මින් ඉදිරියේදී ශ‍්‍රී ලංකාවෙන් තමිල්නාඩුවට යන බෞද්ධ ජනතාවට හා භික්ෂූන් වහන්සේට හිරිහැර සිදු නො වන බවට සහතිකයක්ලබා නො දෙන්නේ නම් තමිල්නාඩුවෙන් ශ‍්‍රී ලංකාවට එන ජනතාවට ආරක්ෂාව සැපයීමේ ක‍්‍රමවේදයක් ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයට නුදුරේම හැදීමට සිදුවෙනු ඇතැයි රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

උන්වහන්සේ පවසන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡ කිරීම සඳහා භික්ෂූන් වහන්සේ දෙසිය නමක් සමඟ අද ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයට යන බවයි.

තමිල්නාඩුවේ දී ශ‍්‍රී ලාංකිකයන්ට අත්විඳින්නට සිදු වූ එවැනි අභාග්‍යසම්පන්න සිදුවීම් නැවත ඇති නො වන බවට ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සහතිකයක් ලබා නො දෙන්නේ නම්, බෞද්ධයන්ට ද නිවටයන් ලෙස බලා සිටිය නො හැකි බවත්, එසේ වුවහොත් තමිල්නාඩුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණ වෙළඳාම් කරන පිරිස්වලටද විවිධ අභාග්‍යසම්පන්න සිදුවීම්වලට මුහුණදීමට සිදුවනු ඇති බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

ශ‍්‍රී ලාංකික ස්වාමින් වහන්සේ දෙනමකට තමිල්නාඩුවේ දී සිදුකළ පහරදීම සම්බන්ධයෙන් හා එවැනි සිදුවීම් නැවත ඇති නො වීමට නම් සංවිධානය විය යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ කීය.

මෙරට තමිල්නාඩු වෙළඳුනි ප‍්‍රවේමෙන්… රාවණා බලකාය වැඩ අරඹයි
March 20, 2013 at 10:48 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92076/

සබැඳි ලිපි
[
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
]

0 comments: