Pages

Wednesday, March 13, 2013

මානව හිමිකම් කැඩුවේ කොටි සංවිධානයයි

- කිළිනොච්චි වැසියෝ උද්ඝෝෂණවල

අවසන් යුද සමයේදී මානව හිමිකම් උල්ලංඝනය කළේ රජය හෝ ආරක්‍ෂක අංශ නොව එල්ටීටීඊ සංවිධානය යයි කියමින් කිළිනොච්චියේදී වැසියෝ පිරිසක්‌ ඊයේ (12 වැනිදා) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.

කිළිනොච්චියේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කාර්යාලය මගින් සංවිධානය කොට තිබූ මෙම උද්ඝෝෂණයට විශාල පිරිසක්‌ සහභාගි වී සිටි අතර උද්ඝෝෂණකරුවෝ ප්‍රශ්න කර සිටියේ අවසන් යුද සමයේදී ප්‍රභාකරන් විසින් වර්ග මීටර් 1500ක කුඩා භූමි ප්‍රමාණයකට වන්නියේ වැසියන් නිරාහාරව කොටුකොට තිබීමේ සිද්ධිය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌ ලෙස එක්‌සත් ජාතින්ගේ සංවිධානය පිළිනොගන්නේ මන්ද යන්නයි.

එල්ටීටීඊ සංවිධානය ඉතා බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කොට තිබියදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය හා ආරක්‍ෂක අංශ පමණක්‌ මානව හිමිකම් උල්ලංඝනය කොට ඇති බවට චෝදනා නැගීම දැඩි අසාධාරණයක්‌ බවද උද්ඝෝෂණකරුවෝ සිය සටන් පාඨ මගින් කියා සිටියහ.

එල්ටීටීඊ සංවිධානයේ බොහෝ සාමාජිකයන් අවසන් යුද සමයට පෙර රජයට භාරවීමට සූදානම් වුවත් ඊට ඉඩනොදුන් එල්ටීටීඊ නායකයා ඔවුන්ද සිරකොට තබාගෙන මානව හිමිකම් උල්ලංඝනය කළ නිසා එම සාමාජිකයන් විශාල පිරිසකට අසාධාරණ ලෙස මිය යැමට සිදුවූ බවද උද්ඝෝෂකයෝ කියා සිටියහ.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/03/13/news17.html

0 comments: