Pages

Friday, March 8, 2013

හලාල් භාණ්ඩ අලෙවිය 60% කින් පහත වැටිලා

වෙළෙඳ භාණ්ඩවලින් හලාල් සහතිකය ඉවත් කළ යුතුයි බව මේ දිනවල වෙළෙඳ භාණ්ඩ අලෙවියට එන අලෙවි නියෝජිතයන් පවසන බව වෙළෙන්දෝ කියති.

දැනටමත් ප‍්‍රසිද්ධ වෙළෙඳ සමාගම් කීපයක් සිය නිෂ්පාදන භාණ්ඩවලින් හලාල් සහතිකය ඉවත් කර ඇති බව ද ඔවුහු කියති.

හලාල් සහතිකය තිබෙන භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගික ජනතාව දක්වන අකැමැත්ත නිසා එම භාණ්ඩවල අලෙවිය සියයට 60කින් අඩු වී තිබෙන බව ද මාතලේ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් පැවැසීය.

හලාල් සහතිකය සහිත භාණ්ඩ අලෙවියේ දී මතු වී තිබෙන අර්බුදය නිසා තම ව්‍යාපාරවල නිෂ්පාදන භාණ්ඩ අලෙවිය සියයට 30 කින් පහත වැටී තිබෙන බව මාතලේ මුස්ලිම් ව්‍යාපාරිකයෝ පැවැසූහ.

March 7, 2013 at 4:07 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91379/

0 comments: