Pages

Monday, March 11, 2013

උලමා මොනව කිවුවත් හලාල් ගන්න එපා - ඥානසාර හිමි

සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සංවිධානය හලාල් සහතිකය අත්හිටුවන බව පැවසුවත් ශ‍්‍රී ලංකාවේ සියලූ ව්‍යාපාරික ආයතන ලබන 31වනදාට පෙර එම සහතිකය අත්හළ යුතු බවට තමන් කළ දැනුම්දීම වෙනස් නොකරන බව බොදුබල සේනා සංවිධානය පවසයි.

එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන්නේ දැන් වසර 05කට වැඩි කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ හලාල් සහතිකය නිකුත් කිරීම සිදුවන්නේ නීති විරෝධිව බවයි.

උලමා සංවිධානයේ ‘හලාල්’ ව්‍යාපෘතියට ‘සර්ව ආගමික පුට්ටුව’ ද සම්බන්ධබව පැවසු උන්වහන්සේල සර්ව ආගමික පුට්ටුවේ හිමිවරු බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටින බව හඟවමින් රාජ්‍ය නොවන සංවිධාන වල පදයට ක්‍රියාත්මක වන බවද පැවසුහ. සර්ව ආගමික පුට්ටුවේ වැඩවලට උලමාවරු මුදල් යොදවා ඇත්දැයි සැකයක් පවතින බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

March 11, 2013 at 11:57 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91630/

0 comments: