Pages

Wednesday, March 20, 2013

ඉන්දියාව අප වෙනුවෙන් පෙනී සිටි මොහොතකි මේ

ඉතාම නරක ප්‍රවණතාවක්‌ ගොඩනැඟෙමින් පවතී. ඒ වූ කලී තමිල්නාඩුවේ සංචාරය කරන සිංහල බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට දෙමළ අන්තවාදී කොටස්‌ විසින් පහර දෙනු ලැබීමයි. පසුගිය 16 වැනිදා තමිල්නාඩුවේ කෝවිලකට ගිය බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකට පහර දෙන ලදී. ඉන්දියානු පොලීසිය මැදිහත් වී ඒ සිද්ධියට සම්බන්ධ කොටි හිතවාදීන් පිරිස අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්දියානු මධ්‍යම රජය මැදිහත් වී ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කර ඇත. මේ අතර ඉකුත් 18 වැනිදා ද තවත් සිංහල බෞද්ධ භික්‍ෂුවකට පහර දෙන ලදී. මේ සියලු විස්‌තර පුවත්පත්වල පළ විය.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයට පක්‍ෂපාත වැඩිම පිරිස සිටින්නේ තමිල්නාඩුවේ ය. ඊළඟට කැනඩාවේ ය. කැනඩාවේ සිටින කොටි හිතවතුන් යම් ප්‍රමාණයකට කළමනාකරණය කර ගැනීමට එරට වෙසෙන සිංහල ප්‍රජාවට හැකි ය. සාමාන්‍යයෙන් කැනඩාවේ දෙමළ කොටි හිතවාදීන් පහර දෙන්නේ කොටින්ට විරුද්ධ දෙමළ ජනයාට පමණි. අප කොතරම් බයිලා ගායනා කළ ද සභ්‍යත්වය පැත්තෙන් ගත් කල යුරෝපීය ජනයා සමහර අවස්‌ථාවලදී ආසියාවට ඉදිරියෙන් සිටී.

තමිල්නාඩුවේ ඇත්තේ දෙමළ ජාතියට ආදරය කිරීමේ ව්‍යාපාරයක්‌ නොව වෙනම න්‍යාය පත්‍රයකි. එය වයිකෝ, නෙදුමාරන්, ජයලලිතා සහ මුතුවේල් කරුණානිධි වටා භ්‍රමණය වන න්‍යාය පත්‍රයකි. මේ අයගෙන් යන එනමං නැති දේශපාලනඥයන් දෙදෙනකු වන වයිකෝ සහ නෙදුමාරන් හැමදාමත් කොටි සංවිධානය සමඟ සිටියහ. ඔවුන් නඩත්තු වුණේ කොටින්ගෙනි. ඔවුන්ගේ එදා වේල දේශපාලනය සඳහා ආධාර කළේ තමිල්නාඩුවේ කොටි හිතවාදී දෙමළ මාළු මුදලාලිලා ය. කරුණානිධි සහ ජයලලිතා කාලයකට කොටින් සමඟ හොඳ ය. තවත් කාලයකට කොටින් සමඟ තරහ ය. එය විටෙක කැමැතිය, විටෙක අකැමැති ය. සිද්ධාන්තය යටතේ ක්‍රියාත්මක වන තත්ත්වයකි. කලකට පෙර ජයලලිතා එල්. ටී. ටී. ඊ. ය සමඟ කොතරම් තරහෙන් සිටියේද යත්, එල්. ටී. ටී. ඊ. ය ඇය මරන්නට පවා සැලසුම් කළේ ය. එහෙත් දේශපාලනය යනු ඉතා කරුමක්‌කාර බලවේගයකි. ඒ නිසා තීරණාත්මක අවස්‌ථාවකදී තම ඡන්ද පදනමට බලපෑමක්‌ සිදුවේය යන පදනම මත ඔවුන්ට කොටි සංවිධානයේ පැත්ත ගන්නට සිදු වේ. ශ්‍රී ලංකාව බෙදෙනවාට ඉන්දියානු රජය ස්‌වල්පයක්‌වත් කැමැති නැති බව අපි දනිමු. ඊළම බිහිවුණොත් වැඩිම කරදරය ඉන්දියාවට ය. එවිට තමිල්නාඩුව ද වෙනම රටක්‌ වීමට සටනක්‌ පටන් ගන්නවා ඇත. මෙබඳු බෙදුම්වාදී සටන් කිහිපයක්‌ම ඉන්දියාවේ තිබේ. ඒ හැම සටනක්‌ම ඉන්දියන් මධ්‍යම රජය විසින් මර්දනය කරනු ලැබ ඇත. ඇත්ත වශයෙන්ම සිදු විය යුත්තේත් එයයි. රටක්‌ ලෙස නැඟී සිටින්නට නම් ඉන්දියාවේ ප්‍රාන්ත සියල්ලම එකමුතු විය යුතු ය.

මෙයට කලකට පෙර ඔස්‌ටේ්‍රලියාව පුරා ඉන්දියන් විරෝධයක්‌ පැනනඟිණ. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඉන්දියානු තරුණයන් රැසකට පහර දෙන ලදී. මේ ප්‍රහාරයට හේතුව රැකියා අවස්‌ථා පිළිබඳ ප්‍රශ්නයකි. ඉන්දියානු තරුණයන් ඔස්‌ටේ්‍රලියාවේ රැකියා අවස්‌ථා පැහැර ගන්නේය යන මතය සුද්දන්ගේ ඔලුවට වැටිණ. එය මෝඩ මතයකි. ඉන්දියානුවෝ මහන්සි වී වැඩ කිරීමට කැමැති ය. සුද්දෝ අන් අය ලවා වැඩ කරවීමට මිස තමන් මහන්සි වීමට කැමැති නැත. මේ අනුව ඔස්‌ටේ්‍රලියාවේ කර්මාන්තකරුවන් ඇඟ මහන්සි වී වැඩ කරන ඉන්දියානුවන්ට තැන දුන්නේ ය. ඔවුන්ට ප්‍රහාර එල්ල වූ විට ඔස්‌ටේ්‍රලියන් රජය එම ප්‍රශ්නයට මැදිහත් විය.

ඉන්දියාව අපගේ වැඩිමහලු සහෝදරයා ය. වයිකෝ, නෙදුමාරන්, ජයලලිතා, කරුණානිධි මේ නටන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ගැනීම සඳහා වූ වාර්ගික නාඩගමයි. අපේ සෑම දුෂ්කර අවස්‌ථාවකදීම ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුව අපේ පැත්ත ගෙන කටයුතු කළේ ය. ඉදිරියටත් එය එසේම වන බව අපි දනිමු.

දිවයින කතුවැකිය
http://www.divaina.com/2013/03/20/editor.html

සබැඳි ලිපි
[

ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!
http://denethharinna.blogspot.com/2013/03/blog-post_3238.html
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.htmlචීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

1 comments:

keerthi raterala said...

//ශ්‍රී ලංකාව බෙදෙනවාට ඉන්දියාව ස්වල්පයක්වත් කැමති නැත.//ඒ සහතික අැත්තය.නමුත් ඉන්දියාවට ශ්‍රී ලංකාව සමග විසදා ගතයුතු වෙනම ප්‍රශ්ණයක් අැත.ඒ ශ්‍රී ලංකාව හා චීනය අතර අැති සමීප අැසුරයි. ශ්‍රීලංකාව තුල චීන මැදිහත්වීම් සිදුවනවාට ඉන්දියාව කැමතිනැත.ඒ පිලිබද සිදුවීම් 70 දශකය අාරම්භයේ සිටම අපට දකින්නට පුළුවන.ද්‍රවිඩ ත්‍රස්තවාදය ලංකාවේ අැතිවුනේ ඉන්දියානු අාශීර්වාදය අැතිවය.ඒ අප රට දෙකඩ කිරීමට නොවේ.ඉන්දියාවට අවශ්‍යය අපව ඔවුන්ගේ අණසකට යටත්ව තබා ගැනීමටය.අප ඉන්දියාව අකමැති රටවල් සමග සමීප වන විට ඉන්දියාව අපට රිදවීමට ද්‍රවිඩ ත්‍රස්තවාදය උපයෝගී කර ගත්තේය.නමුත් අද ද්‍රවිඩ ත්‍රස්තවාදය ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට අපහසු නිසා ඔවුන් දැන් අළුත් සෙල්ලමක් පටන් ගෙන අැත.ප්‍රභාකරන් මරාදැමූ අවස්තාවේ වත් කොටි හිතවාදීන් මෙතරම් දරුනු ලෙස හැසිරුනෙ නැත.චීන ණය අාධාර යටතේ චීන කොන්ත්‍රාත් කරුවන් විසින් රටේ දකුනු කෙලවරේ ඉදිකල අන්තර්ජාතික ගුවන් තොටුපල විවෘත්ත කරන දිනයේත් ඊට පෙර දිනත් අපේ ස්වාමීන් වහන්සේලා දෙනමකට පහර දීම අපට පහසුවෙන් සලකා බැහැර කල හැකි කරුනක් නොවේ.