Pages

Saturday, March 16, 2013

දෙමළ අකුරින් නම්ගම් ලියා සීගිරි සිංහ පාදය වනසති

මස්කෙළිිය පාසලක සිසුහු තිදෙනෙක් ද්‍රවිඩ භාෂාවෙන් තම නම් සීගිරිය සිංහපාදයේ කෙටීයැයි සීගිරි පොලීසිය විසින් සැකපිට ප‍්‍රශ්න  කිරීම සදහා ඊයේ (15) සවස අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මස්කෙළියේ සිට ආ බව කියන මොවුන් අතර සිටි සිසුන් මෙන්ම සිසුවියන්ද කළුගල් හා ගඩොල් උපයෝගී කරගෙන  නම් 25ක් කට වඩා සිංහපාදයේ ඇද ඇත .
සිංහපාදයට මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම හානිය මෙය බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති  කළමනාකරු චන්දන වීරසිංහ මහතා පැවසීය.
සිද්ධිය වන අවස්ථාවේ මෙම ප‍්‍රදේශයේ ආරක්ෂක කටයුතු වල යෙදීි සිටි පිරිස  ගැන පරීක්ෂණයක් සිදු කරන බවද වීරසිංහ මහතා පැවසීය.
මාධ්‍යවේදීන් පිරිසක් මෙම සිද්ධිය ජායාරූප ගත  කර ඇති අතර එම ජායාරූප  මකා දැමීමට ගුරුවරුන් හා පොලීසිය ගත් උත්සාහය අසාර්ථක වී ඇත .
මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක  මහතා තීරණය කර ඇත. මේ සිද්ධිය දැනගැනීමත් සමග තමන්ගේ හද කම්පා වූ බව දිසානායක මහතා ප‍්‍රකාශ කළේය පොලීසියට තමන් දුරකතනයෙන් කතා කර පරීක්ෂණයක් පවත්වන ලෙසද  ඉල්ලා  සිටි බව කියා සිටියේය.

March 16, 2013 at 12:55 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91880/

0 comments: