Pages

Monday, March 18, 2013

ඉරානයේ අවසානය ආසන්නද?

වරක් ඇමරිකානු සතුරන් සමඟ වාඩි වී සාකච්ඡ කිරීමට සූදානම් බව කියමින් ලෝකයා රැුවටූ ඇමරිකානු නායක බැරක් ඔබාමා ඉරානයේ න්‍යෂ්ඨීක වැඩසටහන සහමුලින්ම වනසා දැමීමේ අවි ගැටුමක් ගැන ඉඟි කරමින් සිටියි.

ඉරානය න්‍යෂ්ඨීක අවියක් සාදන බව ඉතා පැහැදිලි අතර එය ඊශ‍්‍රායලයට හා මුලූ ලෝකයටම තර්ජනයක් බව ඔබාමා ඊශ‍්‍රායලයේ චැනල් 2 වෙත කියා ඇත්තේ ලබන සතියේ ඊශ‍්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවට පූර්වගාමීවය.
ඉරානයට මේ කටයුත්ත සඳහා වසරක් වත් ගතවනු ඇති බවත් ඒ අතරතුර විකල්ප රැසක්ම පවතින බවත් ඔබාමා කියා සිටයේය. 2007 දී ඇමරිකානු බුද්ධි අංශ තක්සේරුවකින් කියා තිබුණේ 2003 දී ඉරානය න්‍යෂ්ඨීක අවි සෑදීමේ කටයුතු නතර කර ඇති බවයි. එසේම එම වාර්තාවේ දැක්වුනේ ඉරානයට අවශ්‍ය වී ඇත්තේ හදිසියේ න්‍යෂ්ඨීක අවියක් සෑදීමට නොව එහි මිල ලාභාංශ එලඹුමක් බවයි.

මේ සතියේ ඇමරිකානු බුද්ධි අංශ අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර් කියා සිටියේ ඉරානය න්‍යෂ්ඨීක අවියක් සැදුවත් එය රහසිගතව කල නොහැකි බවයි. ඉරාන න්‍යෂ්ඨීක වැඩබිම් අන්තර්ජාතික පරමාණුක ශක්ති ආයතනය හා රහස් ඔත්තු සේවා වලින් නිරීක්ෂණය කෙරෙයි.

ඉරානයට පරමාණු බෝම්බයක් සෑදීමට තරම් යුරේනියම් 235 සමස්තානිකය නිපදවීමට සෑහෙන කලක් ගත වනු ඇතැයි පෙනී ගොස් තිබේ. ඉරාකයේ සදාම් හුසේන් ජීවිතයෙන් වන්දි ගෙවු පරිදිම මෙම චෝදනා නිසා ඉරානයට එරෙහිවද හමුදා ආක‍්‍රමණයක සලකුණු දැඩිව ඉහල ගොස් ඇත.

රටේ පවතින තත්වයත් සමඟ ඔබාමා තවත් යුද්ධයකට රට ඇද දමනු ඇත්දැයි සැකයක් පවතී.

ඔබාමාගේ අවසන් සෙල්ලම ඉරානය සමඟ යුද්ධයක්?
March 17, 2013 at 4:02 pm | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/91919/

0 comments: