Pages

Saturday, March 2, 2013

බාල කිරිපිටි හෙළිදරව් කිරීමේ නඩුව - කොන්දේසි සහිතව සමාදාන වෙමු - ඇන්කර් සහ නෙස්පේ‍්‍ර

- කිසිම කොන්දේසියකට යටත්වීමට බෑ – මව්බ්ම ලංකා පදනම

පිටරට්න් ගෙන්වා ඇන්කර්, රත්ති, නෙස්පේ‍්‍ර, ලක්ස්පේ‍්‍ර, මැලිබන් ආදී නම් වලින් මෙරට විකුණන කිරිපිටිවල ඇත්තේ නියම කිරි පෝෂණය නොවන බවත් ඒවායේ කිරි මේදය ඉවත් කර ලංකාවේ ප‍්‍රමිති කොන්දේසි වලින් රිංගා යෑම සඳහා ඒ වෙනුවට වෙනත් සත්ව හෝ ශාඛ තෙල් එකතු කර ඇති බවත් පරීක්‍ෂණ වාර්තා ඇසුරින් සනාථ කරමින් මවුබිම ලංකා පදනම 2009 වර්ෂයේදී කළ හෙලිදරව්වට එරෙහිව ෆොන්ටෙරා සහ නෙස්ලේ සමාගම් විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පවරා තිබු නඩු පසුගියචා කැඳවු අවස්ථාවේදී සමාදානවීමට යෝජනා කෙරිණි. එම නඩුවලින් කිරිපිටි සමාගම් ඉල්ලා තිබුණේ මව්බිම ලංකා පදනම එකී සොයාගැනීම් සම්බන්ධයෙන් හෙලිදරව් කිරීම/කරුණු දැක්විම/ප‍්‍රසිද්ධ කිරීම වළකන තහනම් නියෝගයක් ලබාදෙන ලෙසත් කරන ලද හෙලිදරවි කිරිම් අපහාසාත්මක වූ බැවින් රුපියල් මිලියන සියය බැගින් වන්දි ලබාදෙන ලෙසත්ය. මව්බිම ලංකා පදනමට එරෙහිව නෙස්ලේ සහ ෆොන්ටෙරා සමාගම් විසින් නඩු දෙකක් ද එම කරුණු හෙලිදරව් කළ එකම පුවත්පත වූ හෙලදිව පුවත්පතට එරෙහිව නඩු දෙකක් ද වශයෙන් නඩු 4ක් මේ යටතේ පවරා තිබේ.

පසුගිය 28 දා මේ නඩු හතර කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරිපිට කැඳවු අවස්ථාවේදී මින් ඉදිරියට එකි විෂය කරුණ සම්බන්ධයෙන් අපහාසාත්මක වන ආකාරයේ හෙලිදරවි කිරීම් නොකරන බවට අධිකරණයේදී ලිඛිතව එකඟවන්නේ නම් තමන් විසින් පවරා ඇති නඩු ඉවත්කරගැනිමට කැමති බව පිටිකිරි සමාගම් වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා සහ නිතිඥ සුගත් කල්දේරා යන මහත්වරුන් අධිකරණයට දන්වා සිටියද එවැනි කොන්දේසියකට යටත්විමට තම සේවාදායකයින් කිසිසේත් අදහස් නොකරන බව විත්තිකාර මව්බිම ලංකා පදනම හා හෙලදිව පුවත්පත වෙනුවෙන් පෙනිසිටි නිතිඥ ප‍්‍රියාල් විජේවීර හා නිතිඥ කපිල ගමගේ යන මහත්වරු අධිකරණයට දන්වා සිටියහx ඔවුන් තවදුරටත් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ විෂය කරුණ වන්නේ කිරිපිටිවල තත්වය බාලකිරීම (Milk Powder Adulteration) බවත් එය කවුරුන් විසින් කොයි අවස්ථාවක සිදු කළද රටේ මහජන යහපත සඳහා එය හෙලිදරව් කිරිමට ස්වේච්ඡවෙන්ම බාධා පමුණුවා ගැනිමට එම පදනම එකඟ නොවන බවත්ය.

මව්බිම ලංකා පදනම වෙනුවෙන් ඔවුන් තවදුරටත් ප‍්‍රකාශ කළේ ඔවුන් කළ හෙළිදරව්ව 100‍්‍රක්ම නිවැරදි බවත් එකීි නිවැරදිතාවය දේශීයව හා විදේශීයව පිළිගත් රසායනාගාර වාර්තා මගින් තහවුරු කරගෙන ඇති බවත් ඊට අදාල විශේෂඥයින් සාක්‍ෂියට ගෙන්වා එය තහවුරු කිරිමේ හැකියාව තමන් සතුවන බවත්ය. තවද යම් හෙයකින් ෆොන්ටෙරා සහ නෙස්ලේ සමාගම් තමන් විසින් පැවරූ නඩු කොන්දේසි රහිතව ඉල්ලා අස්කර ගන්නේ නම් ඒ පිළිබඳව තම විරෝධයක් නොමැති බවත් වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරිණි.

ඒ සම්බන්ධයෙන් තම සේවාදායකයින් වන කිරිපිටි සමාගම් සමග සාකච්ජාකර තීරණයක් ලබාදීමට කල් අවශ්‍ය බව පැමිණිල්ලේ නිතිඥවරුන් විසින් දන්වා සිටියෙන් අපේ‍්‍රල් මස 04 දින එම නඩු හතරම නැවත කැඳවිමට නියෝග කෙරිණි.

මව්බිම ලංකා පදනම විසින් කරන ලද මෙම හෙලිදරව්ව සනාථවන ප‍්‍රකාශයක් ෆොන්ටෙරා මව් සමාගමේ  වෙබ් අඩවිය මඟින් එහි ආසියානු කලාප භාර අධ්‍යක්ෂක විසින් සිදුකර තිබු නමුත් නඩුව පැවරිමත් සමඟ ඒ ප‍්‍රකාශය වෙබ් අඩවියෙන් ඉවත් කර තිබුණි.
- Lanka C news අධිකරණ වාර්තාකරු

March 2, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/91190/

0 comments: