Pages

Monday, March 18, 2013

බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති

පුරාවිද්‍යා සමීක්ෂණ වැඩකටයුත්තකට සහභාගී වීම සඳහා නවදිල්ලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ ඉන්දියා පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකාවේ පත්බේරියේ ඥානාලෝක හිමියන්ට තමිල්නාඩුවේ තන්ජූර්හි බ්‍රිහාදීශ්වර මහා දේවාලයේදී දෙමල අන්තවාදීන් විසින් දැඩි ලෙස අඩන්තේට්ටම් කර තිබේ.

මේ හේතුවෙන් තන්ජූර් පොලිසිය විසින් සැකකරුවෝ 15 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර මේ දිනවල තමිල්නාඩුව පුරා පැතිරී ඇති ශ්‍රී ලංකා විරෝධී රැල්ලේ තවත් එක් අංගයක් ලෙස මෙම අතවර කිරීම සිදුවන්නට ඇති පොලිසිය පවසයි.

සිද්ධියෙන් පසුවද තන්ජුර් පොලිසිය විසින් ඥානාලෝක හිමි ඇතුළු කණ්ඩායම විශේෂ ආරක්ෂාව සහිතව ත්‍රිචීනෝපොලි ගුවන්තොටුපලට රැගෙනගොස් නවදිල්ලිය වෙත ගෙන යමින් සිටියදී එම පිරිස රැගෙන ගිය වාහන වලටද මග රැක සිටි පිරිස් ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබේ.

March 18, 2013 at 12:02 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/91953/

0 comments: