Pages

Saturday, March 16, 2013

සුළු ජන වර්ගවල අධෝ වාතයත් සුවඳ යයි කියන පෙරටුගාමීන්ට - JHU

අනෙකාගේ සංස්කෘතියට ගරුකළ යුතුයැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය කළ ප‍්‍රකාශයට පිළිතුරු ලෙස ජාතික හෙළ උරුමයෙන් මාධ්‍ය නිවේදයක් නිකුත් කර තිබේ.
එහි ප‍්‍රචාරක ලේකම් නිශාන්ත වර්ණසිංහගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් හලාල් කියන්නේ ඉස්ලාම් භක්තිකයන්ගේ සංස්කෘතික අංගයක් බවත්, එකට ජීවත් වන්නේනම් අනෙකාගේ සංස්කෘතික අයිතියට ගරුකලයුතු බවත් ප‍්‍රකාශ කර ඇත. මෙහිදී වක‍්‍රකාරයෙන් ප‍්‍රකාශ කර ඇත්තේ සිංහලයන් ඉස්ලාම් සංස්කෘතියට ගරුකල යුතු බවය. මේ රටේ සිංහල-බෞද්ධයන්ගෙන් එය ඉටු වී නැති බවක් ඔහුගේ නෝක්කාඩු ප‍්‍රකාශයෙන් පෙනී යයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාක්ස්වාදය, ලෙනින්වාදය හිසින් දරාගත් පක්ෂයකි. රටක ආගම, සංස්කෘතික සාධක, එහි මූලයන් පිළිබද එතරම් තැකීමක් ඔවුන් කරන්නේ නැත. එබැවින් රටක ඓතිහාසික අනන්‍යතාවය පිළිබදව ඔවුන්ට මෙලෝ හසරක් නැත. මේ රට සිංහල-බෞද්ධ රටකි. එහි ශිෂ්ඨාචාරය, සංස්කෘතිය, ඉතිහාසය නිර්මාණය කළේ සිංහල බෞද්ධයන්ය. එහි පදනම වූයේ බුදු දහමයි. සිංහල බෞද්ධ සංස්කෘතියයි. උත්තරාරෝපිත මාක්ස්වාදී මතවාදවලින් ඔළුව කුරුවල් කරගත්, දෑස් අන්ද කරගත් ඊනියාවාදීන්ට සිංහල-බෞද්ධයාගේ සහනශීලීත්වය, සහජීවනය, මිත‍්‍රශීලීත්වය, කරුණාව, දයාව පෙනෙන්නේ නැත. මේ රට තුළ දෙමළ ජනවර්ගත්, මුස්ලිම් ප‍්‍රජාවත්, මැලේ-බර්ගර් ඇතුළු කි‍්‍රස්තියානි, ඇවෙන්ජලිකන් භක්තිකයින් අද දක්වා ශ‍්‍රී ලංකාව තුළ ජීවත් වන්නේ බෞද්ධයන්ගේ සහනශීලී ප‍්‍රතිපත්තිය නිසාය.
පෘතුගී‍්‍රසී ප‍්‍රහාරවලින් අසරණ වූ මුස්ලිම්වරුන් රැකගත්තේත්, ආරක්ෂාකර ගත්තේත් අපේ රජවරුය. එදා සෙනරත් රජු සමයේ 4000 ක් වූ මුස්ලිම්වරු 20,00000 ක් දක්වා වැඩි වී ඇත්තේ සිංහල-බෞද්ධයන්ගේ සහනශීලීත්වය, කරුණා මහිමය නිසාය. ශ‍්‍රී ලංකාව තුළ රැකවරණය ලැබූ මේ සියළු ජනවර්ග ලද සෑම විටම අවස්ථාවාදීව සිංහල-බෞද්ධ බහුතරයකට රැහැනිව කටයුතු කළේය. අපගේ ඉතිහාසය ඒවායින් පිරී ඇත. කන්න දුන් අත සපා කෑ අවස්ථා ඉතිහාසයේ බොහෝය. 1818, 1848, 1915 යන වර්ෂයන්හි සුදු අධිරාජ්‍යවාදීන් හා අත්වැල් බැදගෙන සිංහලයින් විනාශකළ ආකාරය පුබුදු ජාගොඩගේ ඔළුගෙඩිය ඇතුලේ ඇති මාක්ස්වාදී මොළයට තේරෙන්නේ නැත. ජමියතුල්ලා උලමා 1924 පිහිට වූයේ ඩොනමෝර් කොමිසම ඉදිරියට යාමටය. ඒ කුමකටද? මුස්ලිම් කාන්තාවන්ට ඡුන්ද අයිතිය දෙන්න එපා යැයි කිමටය. එදා භික්ෂුන් වහන්සේලා පෙරට පැමිණ හඩ නොනගන්නට ඡුන්ද අයිතිය අද මුස්ලිම් කාන්තාවට නැත. ඊනියා මාක්ස්වාදී කණ්නාඩි ගලවා සම්මා සතියෙන් ඉතිහාසය නැවත කියවා බලන ලෙස පුබුදු ජාගොඩ මහතාට අප ඇරයුම් කරමු.
හලාල් බලහත්කාරය ගැන එකදු වචනයක්වත් කතා නොකරන පුබුදු ජාගොඩ එහි ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාරිභෝගික අයිතිය උල්ලංඝනය කරන නිෂ්පාදන භාණ්ඩ සහ වෙළදපොල ආගමීකරණය කරන උලමාවරුන්ගේ මේ උමතුව ගැන හලාල් ලාංඡුනය ගැන කිසිදු අදහසක් නැත. භෞතිකවාදීන්, ලෞකිකවාදීන් සමාජයක කන-බොන දෑ සිට වෙළදපොළ ආගමීකරණය කිරීම නිවැරදිද? සිංහල බෞද්ධයන්ට විලාසිතාවකට මෙන් තඩිබාන පෙරටුගාමීන් ඇතුළු වාමාංශිකයන්ට අපට කීමට ඇත්තේ වෙළදපොළේ නිෂ්පාදන භාණ්ඩ පිරිත් කර ධර්මචක‍්‍ර ලාංඡුනය ගැහුවානම් සිංහල බෞද්ධයන්ට එරෙහිව අවි අමෝරාගෙන නැගී සිටින හැටි බලන්නට තිබිණි. මාක්ස්වාදී ගර්භාෂයේ උපන් ගේ දෝෂයක් වන මෙය සිංහල ගැමි වහරේ කියමනට අනුවනම්, උණ පුරුකේ බලූ වලිගේ දැම්මත් නෑ ඇදේ ඇරෙන්නේ ලෙසටය. එමෙන්ම සුළු ජනවර්ගවල අදෝවාතයත් සුවඳ යැයි කියන එය වෙඩිල්ලක් කරගන්නා පුබුදු ජාගොඩලා සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන එහි හරයන් පිළිබදව මාක්ස්වාදි සළුපිළි උනා දමා ඔවුන්ගේම චවනයට අනුව කියවීමකට හා හැදෑරීමකට යන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු.

March 15, 2013 at 1:00 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91809/

0 comments: