Pages

Saturday, March 16, 2013

සිංහලයන් අඩුවෙනවා. වැඩියෙන් දරුවන් හදන්න - වෙල්ගම

ලංගම සේවකයන් රැකියාව කරන අතරතුරේ දී හොඳ විවාහයක් කරගෙන වැඩි වැඩියෙන් දරුවන් හැදීමට ක‍්‍රියා කළ යුතු බව ප‍්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ප‍්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ගමනාගමන මණ්ඩලයට අලූතෙන් බඳවා ගන්නා ලද රියැදුරු, කොන්දොස්තර හා කාර්මික අංශයේ 420 දෙනෙකුට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ අවස්ථාවේ දී ය.
මෙහි දී වෙල්ගම මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ ජනගහනයෙන් ‘සිංහල’ ජනගහනය අඩුවෙමින් යන යුගයක තරුණ පිරිස රැකියාව කරන අතරේ අනාගත පරපුර බිහි කිරීම පිළිබඳ ව ද හිතට ගත යුතු බව ද අතීතයේ දී එක පවුලක දරුවන් 8-10 ක් සිටි බව ද කී ඔහු තමන් ද එවැනි පවුලක දරුවකු බව ද සිහිපත් කළේ ය.

March 14, 2013 at 3:37 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91771/

0 comments: