අපට වාර්තා කරන්නට ඇත්තේ සිදුවීම් කීපයකි. ඒ කතා පෙළ ගැසෙන්නේ මෙසේය.
කතා අංක 1
මීගමුවේ සිංහල ජාතිකයකුට අයිත් නිවසක් මුස්‌ලිම් ජාතිකයන් නවදෙනෙක් විසින් වසරක් සඳහා බදු ගෙන තිබිණි. නිවසේ බදු මුදල රුපියල් හැට දහසකි. මේ මිනිසුන් ඒ ගෙදර ජීවත් වූයේ දකින උදවියටත් දුක හිතෙන අන්දමටය. නිදාගත්තේ පැදුරු වලය. පොඩි ගෑස් ලිපක් සොයාගෙන විත් වේලක් දෙකක් උයාගෙන කෑ මේ උදවිය ජීවත් වී තිබුණේ මුස්‌ලිම් පිරිස් ගැවසෙන තැන්වල කුලියක් කරගනිමිනි.
පසුගිය 03 වැනදා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් මේ නිවස වටකළහ. සැක සහිත තැන් වැටලීමට පැමිණෙන්නේ පොලිසියය. එහෙත් රටට ආශ්චර්යය පහළ කරන්නට එන සංචාරකයින් සම්බන්ධව කටයුතු කරන්නට සිටිනා ආගමන විගමන නිලධාරීන් මේ දුගී මිනිසුන්ගේ නිවස වටකිරීම ගැන වටේ පිටේ උදවියත් අවුල් වූහ.
එහෙත් කාරණාව කාටත් පැහැදිලි වූයේ පසුවය. මේ මුස්‌ලිම් ජාතිකයන් ලංකාවට පැමිණ තිබුණේ සංචාරක වීසා ලබාගෙන රටේ සංචාරය කරන්නට එන බව පවසමිනි. ඔවුන්ගේ රට පකිස්‌ථානයය. ගුවන් ගමන් බලපත්‍රයට අනුව අහමදියා නමැති මුස්‌ලිම් නිකායේ සාමාජිකයන්ය.
කතා අංක 2
ඒ පහුගිය කන්නයේ ගොයම් කපන කාලයය. කල්මුණේ පැත්තේ එක යායට කුඹුරු කැපෙන්නේය. අව්වටම කරකුට්‌ටම් වූ නසරාණි පෙනුමක් සහිත මනුස්‌සයන් කණ්‌ඩායමක් ගොයම් කපමින් උන්නේය. පොලිසියෙන් ඇවිත් වටකරන්නාක් මෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සහිත පිරිසක් මේ ගොයම් කපන මිනිස්‌සු වටකළහ. ආගමන විගමන නිලධාරීන් කුඹුරු කොටන තැන්වල අහවල් රාජකාරියක් කරන්නේදැයි හිතන්නටත් මත්තෙන් කසිප්පු අල්ලන්ට පොලිසිය පැන්නාක් සේ ගොයම් කප කපා හිටපු මිනිස්‌සු මඩ ගොඩේ වැටෙමින් දුවන්නට වූහ. වැටලීම කළ පිරිස මඩකාගෙන ගොස් මේ කණ්‌ඩායම අත්අඩංගුවට ගත්තේය.
ගොයම් කපා කපා හිඳ තිබුණේ ඉන්දියාවෙන් පැමිණි කණ්‌ඩායමකි. කටුනායක ගුවන්තොටුපලින් මේ උදවිය පැමිණ තිබුණේ සංචාරක වීසා සහිතවය. සංචාරක වීසා ලබාගෙන මේ උදවිය පැමිණ තිබුණේ කල්මුණේ, අම්පාර, මඩකලපුව, හම්බන්තොට පැතිවල කුලියට ගොයම් කපන්නටය.
කතා අංක 3
කොළඹ තරු හෝටලයක නැවතී සිටි නයජීරියානු ජාතිකයන් කිහිප දෙනෙක් අපේ රටේ ව්‍යාපාරයක් කරන්නට අවස්‌ථාවක් හොයමින් සිටියේය. මේ සඳහා රටේ ධනවත් ව්‍යාපාරිකයන් සමග සංධානගත වීමට ඔවුහු අපේක්‌ෂා කළහ. ඒ අනුව දින කීපයක් තුළ මෙම ව්‍යාපාරිකයන් හා සාකච්ඡා පවත්වමින් ස්‌වකීය වත්කම් හා ව්‍යාපාරික සැලසුම් හෙළි කර එහි ගිවිසුම් පවා අත්සන් කිරීමට මේ නයිජීරියානු ජාතිකයෝ කටයුතු කරනු ලැබූහ. ගිවිසුම් ප්‍රකාරව දේශීය ව්‍යාපාරිකයෝ රුපියල් මිලියන ගණන් මෙම නයිජීරියානු ජාතික ව්‍යාපාරිකයන් වෙත ලබා දුන්හ.
අවසානයේදී පැදුරටවත් නොකියා මෙම නයිජීරියානු ජාතිකයන් රටින් පිටව ගොස් තිබිණි. තමන් කම්බා හොරුන්ගෙන් හොඳම පාඩමක් ඉගෙනගත් බව අපේ මිනිසුන්ට වැටහෙන විට සිදුවිය යුත්ත සිදුවී හමාරය
විටෙක අපේ රටේ ටෙලර් මෙෂින් වලින් වෙන කිසදාක සිදු නොවු ආකාරයේ මහා පරිමාණ මුදල් වංචාවක් සිදුවූ ආකාරය වාර්තා විය. වංචා කළ මුදල රුපියල් කෝටි ගණනකි. මේ මහා ජාවාරම මෙහෙයවා තිබුණේ රුමේනියානු ජාතිකයන් පිරිසක් විසිනි. මේ ජාවාරම්කාරයින් ලංකාවට පැමිණ සිටියේත් සංචාරක වීසා ලබාගෙනය.
මේ අපේ සංචාරක ව්‍යාපාරයේ ස්‌වරූපයය. ඉලක්‌කම් ගණනින් දස ලක්‌ෂ ගණන් වන සංචාරකයින් අතරට සීසන් එකට ගොයම් කපන්නට එන ඉන්දියානුවෝත් ඉන්නේය. සිංගප්පූරුව වැනි රටවල් හරහා මිනිසුන් යුරෝපයට හෝ මැලේසියාවට පැන්නවීම සඳහා මෙහෙයුම් මධ්‍යස්‌ථානයක් ලෙස ලංකාව පාවිච්චි කිරීම තෝරාගත් නීති විරෝධී මිනිස් ජාවාරම්කාර අපරාධකරුවෝත් ඉන්නේය. උන් විසින් අතහැර දමා යන නන්නත්තාර අසරණයින්ද සිටින්නේය. පේව්මන්ට් එකේ වෙළඳාමට එන චින්නුත් ඉන්නේය. මත්ද්‍රව්‍ය අලෙවියට, ක්‍රෙඩිට් කාර්ඩ් වංචාවන්ට, ව්‍යාජ ඩොලර් වංචාවලට, ටෙලර් මෙෂින් වලින් මුදල් වංචා කිරීමට එන යුක්‌රේන් ජාතිකයන් හා නයිජීරියානුවන් ඉන්නේය. ගණිකා වෘත්තිය සඳහා පැමිණෙන තායි, උස්‌බෙකිස්‌තාන්, රුසියන් හා රුමේනියානු ගණිකාවන්ද ඉන්නේය. සංචාරක වීසා වලින් ටුවර් එකක් පැමිණ අපේ රටේ මෝඩයෙක් පඩියට තෝරාගැනීමෙන් අනතුරුව ආයෝජන මණ්‌ඩලයටත් රටටත් රටේ නීතියටත් කොලේ වසා ව්‍යාපාර පටන් ගන්නට සූදානම් වන ඉතාලිය වැනි යුරෝපීය රටවල උන්ද සිටින්නේය. ජාත්‍යන්තර ඔත්තුසේවාවල කාඩරයින් ඉන්නේය. සමහරු පැමිණ ඇත්තේ රටේ පුරවැසියන්ද සරණාගතවු අප වැනි රටකින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් අනුමැතීන් යටතේ සරණාගත තත්ත්වය ලබාගෙන ජීවත් වෙන්නටය. මේ සිරිමත් සංචාරකයින් අවසානයේ කරන්නේ බඩගින්නේ නොමැරී ජීවත්වන රටක මිනිසුන්ගේ බත් හැලියටත් කෙළවීමය.
- ආගමන විගමන නීති කැඩූ විදේශිකයෝ
ලෝක සම්මතයට අනුව නිත්‍යානුකූල ක්‍රමයට රටකට පැමිණීමට හෝ පිටවීම සඳහා ඕනෑම මිනිසෙකුට ඇති අයිතිය රටක් ලෙස අප පිළිගත යුතු බව සැබෑය. එහෙත් ලෝකයේ කිසිම රටක් තම රටට එන සංචාරකයන් රටේ භාණ්‌ඩාගාරයට බරක් කරගන්නේ නැත. ජාතික ආරක්‌ෂාවට තර්ජනයක් කරගන්නේ නැත. ගුවන්තොටුපළකින් හෝ වරායකින් රටට පැමිණෙන මිනිසුන් ගැන සරල මූලික හඳුනාගැනීමක් කිරීමට තරම් ප්‍රායෝගික ඥනයක් තිබීම වෘත්තිය රේගු නිලධාරියෙකුගෙන් රටක් අපේක්‌ෂා කරයි. එහෙත් සංචාරක ව්‍යාපාරයෙන් රට ගොඩදමා ආශ්චර්යයන් නිර්මාණය කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ඇතැයි කියනා රටක ගුවන්තොටුපළකට ෂොපින් බෑග් එකක ඇඳුම් ටික දමාගෙන සංචාරක වීසා මගින් පැමිණ හිඟන්නන් වැනි මිනිස්‌සු ගොඩ බසිති. පුදුම එළවනසුළු සේ අධීක්‌ෂණයකින් තොරව ඔවුහු රටට ඇතුළුවෙති. රට තුළට මිදී යති. මේ ජාතික ව්‍යසනයේ තරම වැටහෙන්නේ දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් තමන්ගේ සම්පත් වපසරිය තුළ කරනු ලබනා මෙහෙයුම්වල ප්‍රතිඵල හෙළිවන විටය.
පසුගිය දෙදහස් දහය හා දෙදහස් දහතුන වසර වලදී ආගමන විගමන නීති උල්ලංඝනය කළ විදේශිකයින් 496 අත්අඩංගුවට ගෙන අසාධු ලේඛනගත කර රටින් පිටමං කර තිබිණි. මෙසේ අත්අඩංගුවට පත් වැඩිදෙනා සංචාරක වීසා වලින් රට තුළට ඇතුළුවී කුලී වැඩකළ, ව්‍යාපාර කළ ඉන්දියානුවන්ය. පසුගිය වසරේ දී මෙම ආගමන නීති උල්ලංඝනය කළ විදේශිකයෝ 610 ක් අත්අඩංගුවට ගැනුණි. ඉන් 432 ක් රටින් ඉවත් කළේය. පස්‌දෙනෙක් රැඳවුම් කඳවුරක් වෙත යොමු කෙරිණි. පිටමං කළ උදවිය අතරින් වැඩිදෙනා ඉන්දියානුවන්ය. මින් පනහකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබුණේ ගොයම් කපන කාලයේ කුලී වැඩ කරමින් සිටියදීය. පිටමං කළ පිරිස අතර පකිස්‌තානු ජාතිකයන් 40 ද, ඇµaගන් ජාතිකයන් 31 ද නයිජීරියානුවන් 21 ද තායි ජාතිකයන් 17 ක් ද ඩුබායි ජාතිකයන් 8 ක් ද වූහ. ඇµaගන් ජාතිකයන් සියලුදෙනාම මිනිස් ජාවාරමේ Rජු ගොදුරුය. ඔවුන් පැමිණ තිබුණේ ලංකාව හරහා ඕස්‌ටේ්‍රලියාවට බෝට්‌ටුවෙන් පැන යන්නටය. වාර්තාවන තොරතුරුවලට අනුව නයිජීරියානුවන්ට රටින් පිටව යන්නට හෝ අදහසක් තිබී නැත. මොවුහු නීති විරෝධී ජාවාරම් වලට සම්බන්ධව සිටියහ. නීති විරෝධී ලෙස රට තුළ රැඳී සිටිමින්, නීති විරෝධී ජාවාරමක යෙදුනු මේ නයිජීරියානුවන් අත්අඩංගුවට ගත් මොහොතේ සිට එම අංශවල රාජකාරි දුරකථන වලට අස්‌වැසිල්ලක් නොලැබුණ බව කියෑවිනි. ඇඬෙන තරමට සංවේදී දුරකථන ඇමතුම් පෙළක් අපේ 'කුල කාන්තාවන්' පිරිසකගෙන් ගලාවිත් තිබිණි. රුසියානු හෝ තායි ගණිකාවන් අත්අඩංගුවට පත්වන විට සමහර දේශපාලකයන්ගෙන්ද එවැනි සංවේදී ඇමතුම් පැමිණි බව විටෙක වාර්තා විය.
මේ වසරේ ගතවූ දෙමස නිමා වනවිට පමණක් වීසා නීති උල්ලංඝනය කළ 67 ක් අත්අඩංගුවට පත්වී සිටිති. ඉන් පනහකට ආසන්න ප්‍රමාණයක් ඉන්දියානුවන්ය. 13 දෙනෙක් පකිස්‌තානුවන්ය. ඒ පකිස්‌ථානු ජාතිකයන් අහමදියා මුස්‌ලිම් නිකායට අයත් වූවන්ය.
- මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන කතාව
ආගම් ප්‍රචාරයට පැමිණෙනා අන්තවාදී මුසල්මානුවන් ගැන මේ කථිකාව යළිත් මතුවන්නේ අහමදියා නිකායේ මුස්‌ලිම් ජාතිකයන් නවදෙනා පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් පසුය. මේ මුස්‌ලිම් පිරිස් සංචාරක වීසා මගින් විටින් විට රටට පැමිණ අන්තවාදී ආගමික මතවාද පතුරුවන බව බුද්ධි අංශ විසින් හෙළිදරව් කරගෙන ඇති බව මාධ්‍ය හරහා වාර්තා විය. මේ අතර තවත් ඉතාම බරපතල හෙළිදරව් කිරීමක් එක්‌තරා සංවිධානයක් මගින් ආරක්‌ෂක අංශ ප්‍රධානීන්ට ලිතව දන්වා තිබිණි. එම ප්‍රකාශනයට අනුව එම සංවිධානය දන්වා තිබුණේ මාලදිවයිනෙන් හා පකිස්‌ථානයෙන් ශිෂ්‍ය වීසා හා සංචාරක වීසා ලබාගෙන රටට ඇතුළුවන සමහර තරුණ මුස්‌ලිම් ජාතිකයන් වංචනික ලෙස ලාංකික පුරවැසි භාවය ලබාගන්නා බවයි. ඔවුනට අනුව මෙම තරුණයින් මධ්‍යම පළාතේ මුස්‌ලිම් ජනගහණය අධික ප්‍රදේශවල පදිංචි වී මුලින්ම මහනුවර නගරයේ ඇති තෘතිය අධ්‍යාපන ආයතනය වල අධ්‍යාපනය ලබයි. අනතුරුව ප්‍රදේශයේ මුස්‌ලිම් ජාතික නිලධාරීන් මාර්ගයෙන් ව්‍යාජ සහතික ඉදිරිපත් කර ජාතික හැඳුනුම්පත් ලබාගෙන පුරවැසියන් බවට පත්වේ.
ඕනෑම හිපියෙකුට, ගෝත්‍රිකයෙකුට, ජාවාරම්කාර පාදඩයෙකුට ලයිෂන් සහිතව පිස්‌සු කෙළීම සඳහා රටක් අම්බලමක් කිරීම තරම් අපරාධයක් නොවේ. එබැවින් මේ ලේඛනවල යථාර්ථය හෙළිදරව් කරගැනීම මේ රටේ බුද්ධි අංශ අභිමුව තිබේ. මෙවැනි ජාතිවාදී ගෝත්‍රික අපරාධ සිදුවන්නේ නම් ජාතික ආරක්‌ෂාව වෙනුවෙන් එවැනි අපරාධකරුවන් හඳුනා ගැනීම මේ මොහොතේ ඔවුන් සතු අනිවාර්ය නිශ්චිත වගකීමය. එමෙන්ම මෙම ලේඛන ද්වේශසහගත ප්‍රකාශන නම් ඒවා ප්‍රකාශයට පත්කරනු ලබනා කාලකණ්‌ණින් වාර්ගික සංහිඳියාව වනසා දමා ජාතියට කරන මාරාන්තික ව්‍යසනයට දඬුවම් කිරීමට රටේ නීතිය හමුවට පැමිණවීම එම වගකීමේම සමගාමී යථාර්ථය ය. අප එසේ ලියා තබන්නේ ජාතියක් බිඳ වැටිය හැකි අතිශය සංවේදී කාරණා ස්‌පර්ශ කළ යුත්තේ සංයමකින් හා වගකීමකින් බව අප විශ්වාස කරන බැවිනි.
අන්තවාදය මුස්‌ලිම් ජාතිකත්වයේ ප්‍රකට ම්ලේච්ඡත්වය බව සැබෑය. එය රට තුළත් ලෝකය තුළත් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව විමසිය යුත්තේ සාධනීය පදනමක් මත පිහිටාය. මේ මොහොත වනවිට අප කතා කරනා අහමදියා මුස්‌ලිම් නිකාය යම් පමණකට ජාතිවාදය ප්‍රතික්‌ෂේප කරනා මුසල්මානුවන්ගේ ප්‍රධානම මතවාදී සංකේතය ය. එම නිකාය බිහිවන්නේ ඉන්දියාවේය. වර්ෂ 1899 දී මිර්සා ගුලාම් අහමඩ් මෙම නිකාය බිහිකළේය. අපේ රටේ මව්ලවි වරයෙකුගෙන් ඇසුවද ඔහු වුවද මෙවැනි නිකායක් නොමැති බව කියනු ඇති බව අපගේ අත්දැකීමය.
ලෝකයම දන්නා පරිදි ඔවුන්ට අද ගැටලුවක් තිබේ. ඔවුහු පකිස්‌ථානයේ සුන්නි හා ශියා නැමැති මුස්‌ලිම් කොටස් දෙකෙන්ම මැරුම්කති. මේ මැරුම් කෑමට හේතුව වෙනත් ආගමික ශාස්‌තෘවරුන්ට හා සම්ප්‍රදායන්ට ගරු කිරීමේ ඔවුන්ගේ ප්‍රතිපත්තියය. අහමදියානු මුස්‌ලිම්වරුන්ම පවසන පරිදි හැමෝටම ආදරය කිරීමේ හා කාටවත් නොරිදවීමේ තේමාවය. ලංකාවේත් මීගමුවේ පෙරියමුල්ල ජුම්මා මජීඩ් පාරේ අහමදියා මුසල්මානුවන්ගේ පල්ලියක් තිබේ. එම පල්ලියේ මව්ලවි වරයා වන මුන්නියර් අහමඩ්ට අනුව පීඩාවට පත්ව එන අහමදියා නිකායේ මනුෂ්‍යයින්ට උදව් කිරීමට ඔවුහු බැඳී සිටිති. ඒ උදව් වල නෛතික ස්‌වරූපය විමසීම යළිත් පැවරෙන්නේ රටේ සිවිල් නීතිය රක්‌ෂා කරන ආයතන වලටය.
දැනට වැටහෙනා පරිදි මේ ගැටලුව ඇත්තේ අපට පෙනෙන තැනක නොවේ. අහමදියානු මුසල්මානුවන් ගේ මානුෂික ගැටලුව මුල් කරගෙන පකිස්‌ථාන මිනිස් ජාවාරම් කාරයෝ මිනිස් ජාවාරමේ යෙදෙති. හොර ගමන් බලපත්‍ර හදති. යුරෝපා රටවලට මිනිසුන්ව සරණාගතයින් සේ රැගෙනයති. මුදලුත් රැගෙන යුරෝපා රටකට පන්නාගන්නට නොහැකි හාල් කෑලි, සංචාරක වීසා වලින් රට ඇතුළට එන මිනිසුන් ගැන වගකීමක් නැති, වත්කම් පිළිබඳ සැලකීමක් නැති ලංකාව බඳු අම්බලමක් වැනි රටක කීයක් හෝ හොයාගෙන ජීවත්වීමට අතහැර දමති.
අප හැමදාම අල්ලාගන්නේ වැරදි කොනෙනි. සංචාරක වීසා රැගෙන විත් රටට මහා ව්‍යසනයක් කරන අපරාධකාරයින් අපට පෙනෙන්නේ නැත. ඒ හරහා හෙළිවන රටේ ආර්ථික දේශපාලන මිථ්‍යාව දකින්නේ නැත. ඒ අතර සැබෑ ලෙසම රට තුළ සිදුවිය හැකි ආගමික අන්තවාදය මුල් කරගත් ම්ලේච්ඡ ගෝත්‍රික කුමන්ත්‍රණ ඊට ලැබියයුතු බරින් හෙළිදරව් වන්නේ නැත.
ජාතිවාදී ගෝත්‍රිකත්වයට සාධාරණ නිර්වචන නැත. එහි ගැබ්වන්නේ තිරිසන් ම්ලේච්ඡත්වය පමණය. රටක් බුද්ධියෙන් විමසිය යුතු තියුණු කාරණා සම්බන්ධව කටයුතු කිරීමට පෙනී සිටින්නේ කුලප්පු වූ ගවයින් මෙන් හැසිරෙන හිස් මිනිසුන් සහිත මේ ගෝත්‍රික සංධාන නම්, මේ සංවිධානගත මිනිසුන් රටේ සිවිල් නීතිය අතට ගෙන අල-ජී ලෙස එය කෙලෙසා නම්, හෙට අනිද්දා වනවිට කසිප්පු අල්ලන්ට යන්නටත් සූදානම් විය හැකි මේ මිනිසුන් දෙස රට ත්‍රිල් පිට බලා සිටීනම් ඊළඟ තත්පරය අයත් වන්නේ ජීවිතයට නොව මරණයටය.
සියවස් ගණනාවක් පුරා චීවරය මේ ජාතිය රක්‌ෂා කළේය. ඒ ආරක්‌ෂාව තුළ මහා ගෞරවයක් හා සංවරයක් තිබිණි. එහෙත් බුදුන් වහන්සේ සිටියා නම් උන්වහන්සේටත් පිරිනිවන් පාන්නට හිතෙනා තරමේ අශ්ලීල මුග්ධ හැසිරීම් සහිත මේ මනුෂ්‍යයින් ලෝකයට ඩෑෂ් ගැසීමට පන්දු ඔසවා දෙන ආකාරය විටෙක අපව තිගස්‌වන්නේය. ජාතිවාදී ගෝත්‍රික මුස්‌ලිම් දේශපාලනයට ස්‌වකීය අපේක්‌ෂා සහගත ගමන යන්නට වල්කොටා මග සකසා දෙන ආකාරය අපව කම්පා කරන්නේය. ප්‍රශ්නය ඇත්තේ ඈත කොණකය. අප දඟලන්නේ අපගේ වල්ගය පාගාගෙනය.
සංචාරක වීසාවලින් පැමිණ ලංකාවේ කොන්ක්‍රීට් වීම
ජානක ලියනආරච්චි - උදේශ සංජීව ගමගේ
http://www.divaina.com/2013/03/10/feature19.html

2 comments:
දැනුවත් කිරීම පිළිබදව ස්තූතියි.
දිරිමත් කිරීමට ස්තුතියි!
Post a Comment