Pages

Monday, March 11, 2013

රජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සිංහලයන් වඳ කිරීමේ කුමන්ත‍්‍රණයක - BBS

රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකද මැදිහත්වීමෙන් පසුගිය වසර කිහිපය පුරා සිංහල ජාතිය වඳකිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වූ බව බොදුබල සේනා සංවිධානය පවසයි.

බොදුබල සේනා සංවිධානයේ මහා සමුළුවට සහභාගී වෙමින් එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය  විතාරන්දෙණියේ නන්ද හිමියන් මේ බව සඳහන් කලහ.

‘අපේ සිංහල ගම්මාන ඉලක්ක කර ගනිමින් විශේෂයෙන් ඒ ආශ‍්‍රිත රෝහල් මුල් කරගෙන මෙන්න මේ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙල දිගින් දිගටම ක‍්‍රියාත්මක වුණා.

පහුගිය අවුරුද්දේ ඒ අවුරුද්ද තුල සැලසුම් කරපු වැඩසටහන අපට හම්බ වුණා. අපි බැලූව හැම ඉස්පිරිතාලෙකම 150ක් දෙසීයක් මේ වන්ධයාකරණයට ලක් කරන්න. එල්.ආර්.ටී. සැත්කම කරන්න.

අපි මේ කාරණා එළිදරවු කරගෙන ඉස්පිරිතාල දෙකක් තුනක් ගිහිල්ල වටකරල මේ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙල නවත්තල දැම්ම.

අද වෙනකොට අපි කියන්න සතුටුයි අපේ අතිගරු ජනාධිපතිතුමත් මැදිහත් වෙලා අත්‍යාවශ්‍ය කාරණයක් හැර මේ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙල නවත්වල තියෙනවා’ යයිද උන් වහන්සේ එහිදී පැවසූහ.

March 11, 2013 at 1:03 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91609/

0 comments: