Pages

Wednesday, March 13, 2013

හලාල් ක‍්‍රියාවලිය ම කුමන්ත‍්‍රණයක් - ඥානසාර හිමි

හලාල් සහතිකය පමණක් නො ව හලාල් ක‍්‍රියාවලිය ම කුමන්ත‍්‍රණයක් බැවින් මාර්තු 31 වැනිදා වන විට මුළුමනින් ම එය ඉවත් වී අලූත් අවුරුද්ද හලාල් නොමැති රටක සැමරිය යුතු බව බොදුබල සේනා සංවිධානයයේ ප‍්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

‘අපි දැක්කා උලමා සංවිධානයේ නාටකයේ අලූත් ජවනිකාව, මාස ගණනක් තිස්සේ මේ රටේ ජනප‍්‍රිය ම ටෙලි නාට්‍යය උලමා නාටතයයි. මේ අලූත්ම ජවනිතාවට දැන උගත් ජනතාවගේ චින්තරාධනයට පාත‍්‍රවුණු ඇතැම් හාමුදුවරු මේ ජවනිකාවලට පණපොවන්න ඉදිරිපත් වීම ගැන අපේ පිළ තුළ පළමුවෙන් ම ඉදිරිපත් කරන්න අවශ්‍ය යි.

හලාල් නොමිලේවත් එපා. හලාල් ක‍්‍රියාවලියම එපා. හලාල් නැතිව කාපු කාලයක් කිබුනා. ඒ විදිහටම කන්න.’ යැයි ද පැවසූ ඥානසාර හිමියෝ හලාල් සහතිකය නොමිලේ දීමට කැමැත්ත පල කිරීමෙන් පෙනී යන්නේ නොමිලේ දිය හැකිව තිබූ දෙයකට මුදල් වංචා කර ඇති බව යයිද කීය.


හලාල් ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන් ඉවත් කරගත යුතුයි. හලාල් නොමිලේ වත් එපා
March 13, 2013 at 10:47 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91711/

0 comments: