Pages

Friday, March 8, 2013

බොදු බල සේනාවට ඔත්තු සැපයුවේ යයි මුස්ලිම් සංසද ලේකම්ට මරණ තර්ජන

තමන් සමස්ත  ලංකා ජමියතුල් උලමා සංවිධානයට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කිරීම නිසා තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව ශ‍්‍රී ලංකා මුස්ලිම් සංසදයේ ලේකම් අසීස් නිසාර්දීන් මහතා පවසයි.
මේ වන විට අන්තර්ජාලය හරහා තමන්ගේ තොරතුරු ලොව පුරා බෙදා හරිමින් තමන් බොදු බල සේනා ඇතුළු  සිංහල මෝඩයන්ට ඔත්තු සපයන බවට ඔවුන් ප‍්‍රචාරය කරන බවත් මේ හේතුව නිසා තමන් දැඩි අපහසුතාවකට පත්වී ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.
මේ පිළිබදව වැඩිදුර  අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් සංසදයේ ලේකම් අසීස් නිසාර්දීන් මහතා මෙසේද කීය.
‘මම පසුගිය 27 දා එක්තරා ගුවන්විදුලි නාලිකාවක වැඩසටහනකට ඉදිරිපත් වුණා. මම නිදහස් මාධ්‍යවේදියෙක්. හලාල් ප‍්‍රශ්නය ගැන කතා කරද්දි මම ඉදිරිපත් කළේ මගේ අදහස්. එහෙම නැත්නම් හලාල් ප‍්‍රශ්ණ්නයට විකල්ප අදහසක්.
මේ මාධ්‍ය සාකච්ජාවට බොදුබල සේනා සංවිධානය වගේම සමස්ත ලංකා  ජමෙයිතුල් උලමා සංවිධානයත් සහභාගී උනා. මම එදා කතා කළේ හලාල් නිසා මුස්ලිම් ජනතාව පත් වී ඇති අපහසුතාව ගැනයි. නමුත් ඒ සමගම මගේ ජායාරූප අන්තර්ජාලය හරහා ලෝකය  පුරාම යවලා මම තොරතුරු දෙන කෙනෙක් කියලා මාව කොන් කරලා. මම මේ ගැන දෙමටගොඩ පොලීස්  ස්ථානයේ පැමිණිල්ලක් දැම්මා.
ඔවුන් පැවසුවේ මෙය බරපතල කාරණයක් බවයි. ඔවුන් කියන්නෙත් මෙතැන තිබෙන්නේ අන්තවාදය කියලයි. මේ හේතුවෙන් මාගේ ජීවිතය අනතුරේ.’
ඔහු තවදුරටත් පැවසුවේ තමන් මේ පිළිබදව අද (7)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බවයි.

March 7, 2013 at 9:41 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91379/

0 comments: