Pages

Tuesday, March 19, 2013

යටිකූට්‌ටු දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට සිදුකරන පාවාදීම් නවතමු

උතුරු නැගෙනහිර පළාත ප්‍රතිසංස්‌කරණය සහ සංවර්ධනය සඳහා රජය විසින් මේ දක්‌වා රුපියල් බිලියන 425 කට වඩා වැඩි මුදලක්‌ වැයකර ඇත. 2009 මැයි මාසයෙන් පසුව ඇරඹි උතුරු වසන්තය නමැති මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුරු පළාත් සංවර්ධනයට රජය උරදී සිටියි. මෙම මහා පරිමාණ සංවර්ධන සැලසුමේ අරමුණ වන්නේ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මන්නාරම යන දිස්‌ත්‍රික්‌ක පහ මෙරට අනෙකුත් දිස්‌ත්‍රික්‌කවලට වඩා කැපී පෙනෙන පරිදි සංවර්ධනය කිරීමයි. මෙම ව්‍යාපෘතිය යටතේ බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කිරීමටත්, නැවත පදිංචි කිරීම, නිවාස ඉදිකිරීම හා අලුත්වැඩියාව, මහාමාර්ග හා පාලම් ඉදිකිරීම්, සෞඛ්‍ය පහසුකම් සහ පාසල් සංවර්ධනය, ජනතාවගේ ජීවිකා වෘත්තීන් වැඩිදියුණු කර ගැනීමට උපකාර කිරීම සහ සමාජයීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා බොහෝ කටයුතු ඉටුකෙරේ. උතුරු පළාතේ සංවර්ධනය සඳහා නැතිවම බැරි වාරිමාර්ග පද්ධති 

ඉදිකිරීම සහ ජල සම්පාදන සහ  සනීපාරක්‌ෂක පද්ධති ස්‌ථාපිත කිරීමද මෙම ව්‍යාපෘතිවලින් ඉටුකෙරේ.

ලොව ඇති දරුණුතම, කෲර ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ වන එල්. ටී. ටී. ඊ. සංවිධානය විනාශ කර දමා මෙරටට සාමය ගෙන ඒමට මෙම රජය ක්‍රියා කළ බව අපි සැවොම දනිමු. අපේ රටේ වෙසෙන ප්‍රධාන ජන කොට්‌ඨාස තුනම මෙම විනාශකාරී යුද්ධයෙන් වසර 35 ක්‌ පමණ බැටකෑ අතර, ඉන් අස්‌වැසිල්ලක්‌ ලැබූයේ 2009 මැයි මස 19 වැනිදාය. යුද්ධය නිමවීමෙන් අනතුරුව දැවැන්ත පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන් රාශියක්‌ ක්‍රියාත්මක වන බැව් කාටත් දැකගත හැකිය. මෙහිදී උතුරු ප්‍රදේශයේ සංවර්ධනය සඳහා රජය විසින් අතිවිශේෂ අවධානයක්‌ යොමුකරන බවත්, ඒ සඳහා අතිවිශාල මුදල් සම්භාරයක්‌ වැය කරන බවත් දැකගත හැකිය. එයට එක හේතුවක්‌ වන්නේ එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් දෙමළ ජනයාගේ ජන ජීවිතය විනාශ කර තිබීම බව වසර 39 ක හමුදා සේවා කාලයක්‌ ගත කළ මා ඉතා හොඳින් නිරීක්‍ෂණය කර ඇත. එම කාලය තුළ අසරණ දෙමළ ජනයාගේ දේපළ පමණක්‌ නොව ඔවුන්ගේ ජීවිත පවා එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් රුදුරු ලෙස බිලි ගන්නා ලදී. එපරිද්දෙන්ම අද උතුරේ සිදුවන සංවර්ධන ක්‍රියාදාමයද මා හොඳින් නිරීක්‍ෂණය කරමි. කලක්‌ යුද්ධයෙන් ආතුර වී සිටි දෙමළ ජනයාගේ ජන ජීවිතය සුවපත් කිරීම උදෙසා කඩිනමින් සිදුවන මෙම සංවර්ධන ව්‍යායාමය අදහාගත නොහැකි තරම්ය. එමගින් දෙමළ ජනතාව ප්‍රතිලාභ රැසක්‌ නෙළාගෙන ඇති බව ඉතා පැහැදිලි වන්නේ උතුරු පළාත හැර රටේ අනෙකුත් ප්‍රදේශයන්හි ආර්ථික වෘද්ධිය 8% ක්‌ව පැවතියදී අද උතුරු පළාතේ ආර්ථික වෘද්ධිය 22% ක තරම් ඉහළ අගයක්‌ ගැනීම තුළිනි.

කරුණු එසේ වුවද, අද දෙමළ ජාතික සන්ධානය ලොවට හඬගා කියන්නේ කුමක්‌ද? එවැනි දේශපාලන පක්‍ෂ අද ක්‍රියාකාරීව සිටින්නේ කුමක්‌ අරභයාද? අද යාපනයේ කිසිදු සංවර්ධනයක්‌ සිදු නොවන බවත්, දෙමළ ජනයාට අඩන්තේට්‌ටම් සිදුවන බවත්, බිම් බෝම්බ ඉවත් කිරීම යන්න හුදු ප්‍රලාපයක්‌ පමණක්‌ බවත්, යුද්ධය නිසා අවතැන් වූවන් රැකබලා ගන්නේ නැති බවත්, යුද හමුදාව විසින් දෙමළ ජනයා නිතිපතාම හිංසාවට පත් කරන බවත් ආදි වූ ප්‍රලාප තර්කයන් ලෙස ඔවුන් විසින් මතු කරති. එමතු ද නොව, දෙමළ ජාතික සන්ධානය දැන් ජිනීවා නගරයට ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතා ව්‍යාපාර පවා පවත්වමින් සිටියි.

මෙය අපට අරුමයක්‌ නොවූවද, කවදත් ඔවුන් යෙදී සිටි දේශෙද්‍රdaහී දේශපාලන ව්‍යායාමය වූයේ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ශ්‍රී ලංකාවේ හොඳ නම පළුදු කරමින් ඒ හරහා මෙරට ආර්ථිකය අඩපණ කිරීමටත්, විදේශ ආයෝජකයන් දුර්මුඛ කිරීමටත්, සංචාරකයින් මෙරටට ගලාඒම නතර කිරීමටත්, අප රටට ලැබීමට ඇති ජාත්‍යන්තර වෙළෙඳ ව්‍යාපාර නැති කිරීමටත් බව පැහැදිලිය. සමස්‌තයක්‌ වශයෙන් ඔවුන්ගේ අරමුණ වන්නේ සරුසාර අන්දමින් දලුලා වැඩෙන ශ්‍රී ලංකා ආර්ථිකය නමැති අනර්ඝ වෘක්‌ෂයේ මුල් සිඳ බිඳ දැමීමයි.

ගරු කථානායකතුමනි, ත්‍රස්‌තවාදයේදී මධ්‍යස්‌ථ පුද්ගලයෙකු සිටීමට නොහැකිය. එහිදී ඕනෑම පුද්ගලයකු එක්‌කෝ ත්‍රස්‌තවාදියෙකි. නැතිනම් ත්‍රස්‌ත විරෝධී පුද්ගලයෙකි. ඇතමුන් විසින් දෙමළ ජාතික සංවිධානය කොටි සංවිධානයේ බළල් අතක්‌ ලෙස හඳුන්වන්නේ ඇයි? ඔවුන් කෙදිනකවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් සිදුකරන ලද කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ හෙළා දැක නැති බැවිනි. ඒ. අමිර්තලිංගම්, ආචාර්ය නීලන් තිරුචෙල්වම්, තංගතුරෙයි හා ලක්‍ෂ්මන් කදිරගාමර් වැනි පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයන්ව එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ඝාතනය කළ විට ද්‍රවිඩ ජාතික සන්ධානය ඒ පිළිබඳ මුනිවත රැක්‌කේය.

සටන් විරාම අවධියේදී රජයේ පාලනයට නතුව තිබූ ප්‍රදේශවලට කඩා වැදී එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් මහ දවල් දෙමළ ජනයාගෙන් කප්පම් ගනිද්දීත්, තම අහිංසක දරුවන් බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගනිද්දීත්, ගරු සුමන්තිරන් මන්ත්‍රීතුමා සහ ප්‍රේමචන්ද්‍රන් මන්තීතුමා වැනි අය සිටියේ කොහේද? එම වකවානුවේදී මම කංකසන්තුරෙයි නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරියාව සිsටියෙමි. එම කාලයේදී නිතරම එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් ප්‍රදේශයේ පාසල්වලට කඩා වැදී පාසල් ළමුන් බලහත්කාරයෙන් ඔවුන්ගේ විරෝධතා ව්‍යාපාරවලට ඩැහැගෙන යන විට මා ඊට විරුද්ධව කටයුතු කළ අයෙකි. ඊට එරෙහි වූ ප්‍රදේශයේ විදුහල්පතිවරුන් කිහිප දෙනෙකුටම අමානුෂික ලෙස පහර දුන් එල්. ටී. ටී. ඊ. සංවිධානය ඔවුන් අතරින් කිහිප දෙනෙකුම වෙඩි තබා ඝාතනය කළහ. දැන් පෙනී සිටින ගජන් පොන්නම්බලම් එදා සිටියේ කොහේද? ඇමරිකාවේ පිහිටි ඔහුගේ සුවපහසු නවාතැනෙහිද? එවක දෙමළ ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනය එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් අඛණ්‌ඩව කඩා ඉහිරවද්දී අද පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය හෝ දෙමළ ජාතික ජනතා පෙරමුණ සිටියේ කොහේද? එසමයෙහි එලෙස බියගුලු ලෙස හැසිරිණු මෙවැන්නන් හට දෙමළ ජනයාගේ සමස්‌ත විනාශයට වගකිවයුතු ඒ කෲරතර මිනීමරුවා සැමරීම නතර කිරීම සඳහා එක්‌ දිනකට පමණක්‌ යුද හමුදාව යාපනය විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට එරෙහිව අද හඬ නැඟීමට ඉදිරිපත්වීම සඳහා අයිතියක්‌ තිබේද?

ගරු කථානායකතුමනි, යුද්ධයේ අවසන් දිනවලදී දෙමළ ජනයා රජයේ පාලන ප්‍රදේශවලට පලා යද්දී එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ඔවුන් කී දෙනෙකු අමු අමුවේ මරා දමන ලද්දේද? යටත් පිරිසෙයින් ඒ මොහොතේදීවත් දෙමළ ජාතික සන්ධානය එය නවත්වන්නැයි එල්. ටී. ටී. ඊ. සන්විධානයෙන් ඉල්ලීමක්‌වත් කළේද? තම දෙමාපියන් වෙතට දුවගෙන ආ දොළොස්‌ හැවිරිදි දරුවා එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙතින් තම දෙමාපියන් වෙත පලා එන විට ඔහුගේ දෙපා කපා දැමීමට එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් කටයුතු කරන ලදී. එවැනි වනචාරී ක්‍රියාවන් හෙළා නොදැක සිටිය හැක්‌කේ ත්‍රස්‌තවාදියෙකුට හෝ ත්‍රස්‌තවාදීන්ට උඩගෙඩි දෙන්නෙකුට පමණි. ගරු සුමන්දිරම් සහ ප්‍රේමචන්ද්‍ර සේම ගජන් පොන්නම්බලන්ද එම ක්‍රියාව හෙළා දැකීමෙන් වැළකී සිටිය බැව් අපි දනිමු.

යුද හමුදාව යාපනය විශ්විද්‍යාලයට ඇතුල් වූයේ දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ඇතිව යම් කල්ලියක්‌ විසින් දෙමළ ජාතිය ද ඇතුළු මුළු රටම විනාශ මුඛයට ඇද දැමූ ඒ කෲරතර මිනීමරු ප්‍රභාකරන් සැමරීම වැළැක්‌වීමේ ෙච්තනාවෙනි. එල්. ටී. ටී. ඊ. සංවිධානය රටවල් බොහොමයක තහනමට ලක්‌වී ඇති සංවිධානයකි. එපමණක්‌ නොව ඇමරිකාවේ මධ්‍යම රහස්‌ ඔත්තු සේවය (එµa. බී. අයි.) විසින් පවා එල්. ටී. ටී. ඊ. සංවිධානය ලොව ඇති බිහිසුණුම අන්තවාදී සංවිධානයක්‌ ලෙසට නම් කර ඇත.

එනයින් ගත් විට එම සංවිධානයේ මියගිය අය සැමරීමට කටයුතු සංවිධානය කිරීම ද අනෙකක්‌ නොව ත්‍රස්‌තවාදී කටයුත්තක්‌ම වේ. යුද හමුදාව මෙම තත්ත්වය නතර කිරීමට සමත් විය. ඇමරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී බින්ලාඩන් සහ ඔහුගේ අල්කයිඩා සංවිධානයේ සාමාජිකයන් සැමරීම සඳහා ආලෝක පූජා පැවැත්වීමට ජනාධිපති බැරක්‌ ඔබාමා හෝ රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් ඉඩදෙනු ඇත්ද? යුදෙව් ජාතිකයන් මිලියන ගණනක්‌ ඝාතනය කළ දෙවන ලෝක යුද සමයේ ජර්මනිය පාලනය කළ හිට්‌ලර් පවා සැමරීමට කිසිදු ජර්මන් ජාතිකයකුට එරට අදටත් අයිතියක්‌ නොමැති බව මෙහිදී මතක්‌ කරදීම වටී.

එබැවින් ගරු කථානායකතුමනි, එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් දෙමළ ජනතාව දිනපතාම පාහේ හිරිහැරයට ලක්‌ කරන විට, ඔවුන්ගෙන් කප්පම් ගන්නා විට, ඔවුන් බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගන්නා විට, එවක නපුංසකයන් සේ අත කට බැඳ සිටි මෙවැනි දෙමළ දේශපාලන පක්‍ෂවලට අද දෙමළ ජනයා ගැන හඬ නැඟීමට තරම් කිසිදු සදාචාරාත්මක අයිතියක්‌ නොමැති බව මාගේ වැටහීමයි. දැන් රජය විවේචනය කරන්නේ "සුජාතභාවය" ගැන කෙටියෙන් කරුණු ඉදිරිපත් කළ මා ඊළඟට එළඹෙන්නේ අප රජය විසින් පශ්චාත් යුධ සමයේ විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ සිදු කෙරෙමින් පවතින සංවර්ධන කටයුතු බිඳක්‌ ගෙනහැර පෑමටයි. ඔබතුමාද දන්නා පරිදි, ගරු කථානායකතුමනි, පශ්චාත් යුද සමයේ අප රට මුහුණ පෑ වැදගත්ම අභියෝගය ද වූයේ ව. කි. මී. 5000 ක පමණ භූමි ප්‍රදේශයක්‌ පුරා විහිදී පවතින බිම් බෝම්බ ඉවත් කිරීම, ලක්‌ෂ තුනක්‌ පමණ වන අවතැන් වූ ජනයා යළි ගම්බිම්වල පදිංචි කිරීම, එල්. ටී. ටී. ඊ. සටන්කරුවන් 12000 ක්‌ පමණ පුනරුත්ථාපනය කර යළි සමාජගත කිරීම හා ප්‍රදේශයේ යටිතල පහසුකම් ඇතුළු අනෙකුත් ආර්ථික සංවර්ධන පියවරයන්ය.

උතුරේ යුද්ධය තීව්‍ර අවධියේදී පලාගිය එල්. ටී. ටී. ඊ. කැරලිකරුවන් විසින් පුද්ගල නාශක බිම් බෝම්බ, යුද ටැංකි නාශක බිම් බෝම්බ සහ වැඩි දියුණු කළ පුපුරන උපකරණ අතිවිශාල ප්‍රමාණයක්‌ ප්‍රදේශය පුරා වළදමා ගොස්‌ තිබුණි. අද වනවිට ඒ අතුරින් පුද්ගල නාශක බිම් බෝම්බ 469,000 ක්‌ද, හමුදා ටැංකි නාශක 1400 ක්‌ ද වැඩි දියුණු කරන ලද පුපුරන උපකරණ 390,000 ක්‌ ද ගොඩගෙන ඇත. එය ඉටුකරන ලද්දේ එම ප්‍රදේශවලින් විනාඩි 10 ක්‌ ඇතුළත පිටව යන ලෙස එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් අණ කළ විට දිවි පරදුවට තබා ප්‍රදේශයෙන් පිටවූ අහිංසක දෙමළ ජනතාවට ජීවිත අනතුරකින් තොරව යළි තම ගම්බිම්වලට පැමිණ නිදහසේ ජන ජීවිතය ඇරඹීමට උදව් කිරීමේ අටියෙනි.

බිම් බෝම්බ ඉවත් කිරීමට කැමැති උත්තුංග කාර්යයෙහි යෙදී සිටින සෙබළුන්ට අඩුතරමින් තේ කෝප්පයකින්වත් සංග්‍රහ කර ඇත්දැයි දෙමළ ජාතික සන්ධානයෙන් ඇසීමට මා පෙලඹෙන්නේ නැත. දෙමළ ජාතික සන්ධානය දැන් දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා යෑයි කියන්නට මා පෙලඹෙන්නේ නැත්තේ කිඹුලන්ට අපහාස කිරීමට මා අකමැති බැවිනි. මේ වන විට පවුල් 42,300 ක්‌ නැවත පදිංචිකර ඇති අතර ඉතිරි සියලු දෙනා 2013 මැද භාගය වන විට නැවත පදිංචි කරනු ඇත. ඒ සියලු දෙනාටම රු. විසිපන්දහසක මුදලක්‌, සිමෙන්ති, සෙවිලි තහඩු සහ වියළි සලාකයක්‌ බැගින් ලබා දී ඇත. හමුදා භටයින්ගේ මුදල් පරිත්‍යාගවලින් පමණක්‌ දැනටමත් නිවාස 5000 ක්‌ පමණ දිළිඳු දෙමළ ජනතාවට ලබාදී ඇත.

අංගසම්පූර්ණ පුනරුත්ථාපන ආකෘතියකට අනුව මෙම පුනරුත්ථාපන කටයුතු පවත්වාගෙන යැම පිළිබඳව සහ එය සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදුකළ ජනාධිපතිතුමාටත්, ශ්‍රී ලංකා යුද හමුදාවටත් අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය. එබැවින් වසර 03 ක්‌ වැනි කෙටි කාලයකදී හිටපු එල්. ටී. ටී. ඊ. සටන්කරුවන් 11,000 ක්‌ දෙනා යළි සමාජගත කිරීමට හැකි විය. ඒ අතරින් හිටපු එල්. ටී. ටී. ඊ. සටන්කරුවන් 212 දෙනෙක්‌ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසි අතර තව වසර කිහිපයකින් ඔවුන් ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, කළමනාකරුවන් ආදී වශයෙන් සමාජයට සේවයක්‌ සලසනු ඇත. ළමා සොල්දාදුවන් ලෙස සිටි 512 දෙනෙක්‌ම දැන් ඔවුන්ගේ දෙමාපියන් භාරයට පත්කර ඇත. යළි සමාජගත කළ එල්. ටී. ටී. ඊ. සටන්කරවැන්ගේ රැඩිකල් මතවාදය නොතකා රජයේ වියදමින් ඔවුන්ගේ මනාපය පරිදි විවාහ කටයුතු පවා ඉටුකර දී ඇත. විවාහ වී සිටි අය යළි සමගි කර ඔවුන්ගේ ජන ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් පුනරුත්ථාපන ගම්මානවලින් මුදා හැර සාම ගම්මානවල පදිංචි කර ඇත.

මෑතකදී යුද හමුදාව සඳහා කාන්තා සෙබළියන් 200 ක්‌ ඔවුන් අතරින් බඳවා ගත් අතර පුනරුත්තාපනය ලැබූ 3500 දෙනෙක්‌ද සිවිල් ආරක්‌ෂක බළකායට බඳවා ගනු ලැබීය. දැන් ඔවුන් මසකට රුපියල් විසිදහසක පමණ වැටුපක්‌ ලබයි. ඔවුන් අතින් සිදුවුණු වැරදි පිළිබඳව පසුතැවෙන මෙම සෙබළුන් සිවිල් ආරක්‌ෂක බළකාය සමඟ එක්‌ව රට යළි ගොඩනගන කාර්යයට උරදී සිටී. උතුරු නැගෙනහිර පළාත ප්‍රතිසංස්‌කරණය සහ සංවර්ධනය සඳහා රජය විසින් මේ දක්‌වා රුපියල් බිලියන 425 කට වඩා වැඩි මුදලක්‌ වැයකර ඇත. 2009 මැයි මාසයෙන් පසුව ඇරඹි උතුරු වසන්තය නමැති මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුරු පළාත් සංවර්ධනයට රජය උරදී සිටියි. මෙම මහා පරිමාණ සංවර්ධන සැලසුමේ අරමුණ වන්නේ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මන්නාරම යන දිස්‌ත්‍රික්‌ක පහ මෙරට අනෙකුත් දිස්‌ත්‍රික්‌කවලට වඩා කැපී පෙනෙන පරිදි සංවර්ධනය කිරීමයි.

මෙම ව්‍යාපෘතිය යටතේ බිම් බොම්බ ඉවත් කිරීම කඩිනම් කිරීමටත්, නැවත පදිංචි කිරීම, නිවාස ඉදිකිරීම හා අලුත්වැඩියාව, මහාමාර්ග හා පාලම් ඉදිකිරීම්, සෞඛ්‍ය පහසුකම් සහ පාසල් සංවර්ධනය, ජනතාවගේ ජීවිකා වෘත්තීන් වැඩිදියුණු කර ගැනීමට උපකාර කිරීම සහ සමාජයීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා බොහෝ කටයුතු ඉටුකෙරේ. උතුරු පළාතේ සංවර්ධනය සඳහා නැතිවම බැරි වාරිමාර්ග පද්ධති ඉදිකිරීම සහ ජල සම්පාදන සහ සනීපාරක්‌ෂක පද්ධති ස්‌ථාපිත කිරීමද මෙම ව්‍යාපෘතිවලින් ඉටුකෙරේ.

මීට අමතරව උතුරේ යුද්ධයෙන් පීඩිත වූ ධීවර ප්‍රජාවගේ ජීවිකා වෘත්තිය වැඩිදියුණු කර ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් රුපියල් බිලියන ගණනක්‌ වැයකර ඇත. උතුරු නැගෙනහිර පළාත්වල ධීවර ජනයාට තිබිය යුතු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය සහ විදේශ ආයෝජකයන් විසින් මේ වන විට රුපියල් මිලියන 855 ක්‌ වැය කර ඇත. රුපියල් මිලියන ගණන් වටිනා ධීවර බෝට්‌ටු, දැල් ඇතුළු ආම්පන්න, මසුන් බහාලන ප්ලාස්‌ටික්‌ භාජන, පාපැදි යනාදි අංගෝපාංග යාපනය ධීවරයන්ට ලබා දී ඇත.

අද වන විට උතුරේ පාසල් 900 ක්‌ හොඳින් ක්‍රියාත්මක වන අතර ඒවායේ සිටින 26,000 ක්‌ පමණ වන ශිෂ්‍ය ප්‍රජාවට ගුරුවරු 13967 දෙනෙක්‌ ශිල්ප ලබා දෙයි. අනෙකුත් රටවල් හා සැසඳීමේදී යුද්ධය අවසන් වී වසර 03 ක්‌ වැනි කාලයකදී ශ්‍රී ලංකා රජය විසින් සහජීවනය සහ හානි පූර්ණය සඳහා ඉටුකර ඇති සේවාව කාගේත් ප්‍රශංසාව හිමිවන්නකි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටුවේද සාමාජිකයන් වන බැවින් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සිදුකෙරෙන මහා පරිමාණ සංවර්ධන කටයුතු පිළිබඳ ඔවුන් හොඳින් දනී. ඒ ගැන අගය කිරීම කෙසේ වෙතත් වචනයකුදු ප්‍රකාශ නොකිරීමට ඔවුන් හොඳින් වගබලා ගනී. ඊට ඉඳුරාම පටහැනි ස්‌ථාවරයක්‌ ගනිමින් යටිකූට්‌ටු දේශපාලන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීමේ අටියෙන් එම ප්‍රදේශවල පවත්නා යථා ස්‌වභාවය අකාමකා දමා ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ රජය කෙරෙහි අප්‍රසන්න හැඟීමක්‌ ඇති කිරීමට ඔවුන් යක්‌ෂාවේෂයෙන් කටයුතු කරනු පෙනේ. උතුරේ වෙසෙන දෙමළ ජනයාගේ ජීවන තත්ත්වය රජය විසින් රැකබලා ගන්නේ නැති බව පවසමින්, එල්. ටී. ටී. ඊ. සංවිධානයට යළි පණ පෙවීම සඳහා විදේශ අරමුදල් උපයා ගැනීම ඔවුන්ගේ එක්‌ කූට අභිප්‍රායක්‌ වී ඇත.

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර (පාර්ලිමේන්තු මන්ත්‍රී)
http://www.divaina.com/2013/03/19/feature01.html

0 comments: