Pages

Wednesday, March 20, 2013

මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවා

අද බුද්ධ පුත‍්‍රයන් වහන්සේලා ඉන්දියාවට ගිහින් දඹදිව වැඳ සිවුරු ගලවා සරම් ඇඳගෙන මහාබෝධියට එන තත්ත්වයකට පත් වී ඇති බව දඹදිව වන්දනාමාන කරමින් සිටිය දී චෙන්නායි නුවර මධ්‍යම දුම්රියපොළේ දී කොටි හිතවාදීන්ගේ පහරදීම්වලට ලක් ව දිවයිනට පැමිණි හැක්දවුල උඩුගම්පිටියේ පුරාණ විහාරාධිපති වතුපොළ වංගීස හිමියෝ පවසති.

උන්වහන්සේ සමඟ දඹදිව වන්දනාමාන කිරීමට ගිය ශ‍්‍රී ලංකා නඩයේ 19 දෙනෙකු ද ඊයේ දිවයිනට පැමිණියහ. මේ අතර වැඩිහිටි කාන්තාවෝ 14 දෙනෙක් සහ වැඩිහිටි පිරිමි 5 දෙනෙක් වූහ.

වංගීස හිමියෝ මෙසේ ද පැවැසූහ.

‘‘අපි ඉන්දියාවට ගියේ බුදුරජාණන් වහන්සේගේ උපන් දේශය බලලා උන්වහන්සේ වැඩ සිටි තැන් බලල වැඳ පුදාගෙන පින් රැස්කගෙන ඒමට යි. අද උදෙත් මම දැක්ක අපේ ස්වාමින් වහන්සේලා කිහිපදෙනෙක් දඹදිව වන්දනාමාන කරල චෙන්නායි මහාබෝධියට ආවෙ සරං ඇඳගෙන, කමිස ඇඳගෙන, මම උන්වහන්සේලා සමඟ කළා. උන්වහන්සේලා එහෙම ආවෙ පණ බේරාගන්නයි, අද තත්ත්වය ඒකයි.

මාවත් ඒ තත්ත්වයට පත්වුණා. නමුත් මම තීරණයක් අරගෙන තිබුණේ මම මැරුණත් සිවුර ඉවත් කරන්නේ නැහැ කියලා. ඒ ඇත්තො මට පහර දෙනකොට උපාසක අම්මලයි, එතන හිටපු නාට්ටාමි කෙනෙකුයි කිවුව සිවුර ටිකක් වෙනස් කරල යන්න නැත්නම් ආයේ ගහයි කියල.

ඉන්පස්සෙ මම සීතලට අඳින ඇඳුමක් උඩට දාගෙන තොප්පියක් දාගෙන තමයි ආවෙ. මම අපේ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ ස්වාමින් වහන්සේලාට ශික්ෂාපද ආරක්ෂා කරගෙන සිවුරට හානියක් නො වන ලෙසින් දඹදිව වන්දනාමාන කරල එන්න වාතාරවරණය සකස් කර දෙන්න කියලයි.

මම ගුටි කෑවේ සංඝ සාසනය වෙනුවෙන් සහ ශ‍්‍රී ලංකාවාසීන් වෙනුවෙන් කියල මම දැන් සතුටට පත් වෙනව. එකපාරට ම කැමරාවක් ගත්ත කෙනෙකුයි, තවත් කෙනෙකුයි කෝච්චියට නැග්ග, එක්කෙනෙක් කැමරාව හදාගත්තට පස්සෙ රෙඩි කියලා කිව්ව ඉන් පස්සෙ අනිත් ඇත්තා ශ‍්‍රී ලංකා කියල මට ගහන්න ගත්ත.

මාව ෂීට් එකක් ඇතුළට තල්ලූ කළා. මගේ පාස්පෝට් එහෙම බිම වැටුණා. පස්සෙ මම ඒවත් ඇහිඳගෙන ඉක්මණින් කෝච්චි පෙට්ටියෙන් බිමට බැහැල එහාට මෙහාට දුවල පාරවල් මෙල්ල කරන්න හැදුවා’’

March 20, 2013 at 10:15 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92074/

සබැඳි ලිපි
[
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
]

0 comments: