Pages

Monday, March 18, 2013

හලාල් අවසන්… අපි කූරගලට එනවා… මුස්ලිම් පදිංචිකරුවන් පිටවනු - ඥාණසාර හිමි

බොදුබල සේනා සංවිධානය විසින් මහනුවර දී සංවිධානය කර තිබූ සමුළුවකට ඊයේ එක්වෙමින් එහි මහ ලේකම් ගලාබොඅත්තේ ඥාණසාර හිමියන් පැවසුවේ හලාල් පිළිබදව යළිත් තමන් කතා නොකරන බවයි. හලාල් ප‍්‍රශ්ණය අවසන් කර ඇති ප‍්‍රශ්ණයක් බැවැනි මින් ඉදිරියිට ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ උවමනාවක් නැතැයිද උන් වහන්සේ පැවසූහ.

තම සංවිධානය කිසිසේත් දේශපාලන අතකොළුවක් නොවන බවද කී උන් වහන්සේ මේ වන විට මුස්ලිම් පිරිසක් විසින් අනවසරයෙන් ඉදිකිරීම් කරගෙන පදිංචිව ඇති බලංගොඩ ඓතිහාසික කුරගල  පුදබිම මුදාගැනීම සඳහා තමන් මීළඟ මෙහෙයුම ආරම්භ කරන බවද පැවසුහ. එම ස්ථානයේ බලහත්කාරයෙන් රැදී සිටින පිරිස්වලට එම ස්ථානයෙන් ඉවත්වීමට අප්‍රේල් 30 දක්වා කල් ලබා දෙන බවද ඥානසාර හිමියන් අවධාරණය කලහ.

කුරගල පුදබිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කර ඇති බවත් ඊට අයත් අක්කර 52 කින් යුතු භූමිය වහා නිදහස් කර ගත යුතු බවත් පැවසු උන්වහන්සේ,  කුරගල මුදා ගැනීමේ මෙහෙයුමට එක්වන්නැයි බෞද්ධ ජනතාව ගෙන් එහිදී  ඉල්ලීමක් ද කළහ.

ලබන වෙසක් පොහොය  කුරගල පුදබිමේදී  ජාතික මට්ටමින් සැමරීමට කටයුතු කරන බව ද උන්වහන්සේ මෙහිදී සපථ කලහ.

March 18, 2013 at 9:08 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91961/

1 comments:

Anonymous said...

This is what we need..The thera is a hero..He is giving national leadership which sinhalese were lokking for more than 500 years..I think he would not stop until our past glory is established on this sinhala country..People were faltering to define this as the sinhala land before bodu bala sena comes...