Pages

Tuesday, March 12, 2013

හදිසියේ හලාල් ඉවත් කිරීම කුමන්ත‍්‍රණයක් - BBS

ජාතික සමඟිය, සහජීවනය, සහෝදරත්වය හා සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් යයි පවසමින් සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් හලාල් ලාංඡනය ඉවත් කරගැනීමට ඊයේ හදිසියේ ගනු ලැබූ තීරණය පැහැදිලිවම කුමන්ත්‍රණයක් බව බොදුබල සේනා සංවිධානය පවසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කැබිනට් අනු කමිටුවක් පත් කර තිබියදී මෙම තීරණය ගැනීම සඳහා වූ කුමන්ත්‍රණය මෙහෙයවා ඇත්තේ හිටපු අමාත්‍යවරයකු විසින් බවත්, කැබිනට් අනු කමිටුවේ තීරණය ප්‍රකාශයට පත්වීමට පෙර මෙලෙස හලාල් සහතිකය ඉවත්කර ගන්නා බව ප්‍රකශ කිරීම බරපතල කාරණයක් බවත් එම සංවිධානය කියා සිටී.

මේ අතර ජාතික හෙළ උරුමය පවසන්නේ එකම කර්මාන්ත ශාලාවක් තුළ නිපදවන ආහාර නිෂ්පාදන හලාල් සහතිකය සහිතව සහ රහිතව වෙළඳපළට නිකුත් කරන්නේ කෙසේදැයි ගැටඵුකාරී බවයි. එහි මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලයට සහ ජමෙයිතුල්ලා උලමා සංවිධානයෙන් විමසා සිටියේ අපනයන කරනු ලබන ආහාර නිෂ්පාදන සඳහා හලාල් සහතික නිකුත් කිරීමේදී ප‍්‍රායෝගික ගැටළු පැන නගින බවයි.

හලාල් සහතික නිකුත් නොකිරීම සම්බන්ධයෙන් උලමාවරුන්ගේ සංගමය ගත් තීරණය පිළිබද තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද පැවසූ රණවක මහතා හලාල් සහතිකය ලබා ගත් ව්‍යපාරිකයන්ද මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය සමාජයට පැහැදිලි කල යුතු බවද වැඩිදුරටත් එහිදී කීවේය.


හදිසියේ හලාල් ඉවත් කිරීම කුමන්ත‍්‍රණයක්… කුමන්ත‍්‍රණය පිටුපස ඇමතිවරයෙක්
March 12, 2013 at 2:09 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/91694/

1 comments:

Anonymous said...

http://thahanamwachana.blogspot.com/search/label/%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A