Pages

Saturday, March 16, 2013

වසර 148ක් පැරණි මහනුවර ගව ඝාතකාගාරය අද සිට වසා දැමේ

වසර 148ක් පමණ කාලයක් තිස්සේ මහනුවර නගරයේ කටුවකැලේ ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව, එළු, කුකුළු  ඝාතකාගාරය වසා දැමීමට නගර සභාව ගත් පියවර අගය  කරමින් මල්වතු අස්ගිරි  මහාවිහාරයන් හි මහානායක හිමිවරුන් හා දියවඩන නිලමේවරයා විසින් අත්සන් කරන ලදුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
එම සත්ව ඝාතකාගාරය වසා දැමිය යුතු බවට ශ‍්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ හා මහනුවර නගර සභාවේ වත්මන් විපක්ෂ නායක නෙරංජන් විජේරත්න මහතා විසින් ගෙන ආ යෝජනාව  පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ ඒකජන්දයෙන් සම්මත වූ අතර ඒ අනුව අද (16)  දින සිට සත්ව ඝාතකාගාරය  වසා දැමෙයි.

March 16, 2013 at 3:09 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91882/

1 comments:

ප්‍රතිවාදියා said...

ප්‍රමාද වෙලාහරි මේ ගත්ත තීරනය හොඳයි. රටේ හැම පලාතකම මේ වැඩේ කරන්න ඕනේ. මේකට පිටකොන්දක් තියෙන මිනිස්සු අවශ්යයි.