Pages

Monday, March 25, 2013

සිරියාවේ සුන්නි මුස්ලිම් පල්ලියකට ප‍්‍රහාරයක්… 42ක් මියයයි

සිරියානු අගනුවර පල්ලියක සිදුවු බෝම්බ පිපිරීමකින් සුන්නි දේවගැතිවරයකු වන ෂෙයික් මොහොමඞ් සයිඞ් රාමඩාන් අල් බූටි ඇතුළු හතලිස් දෙදෙනෙක් මිය ගොස් ඇති අතර තවත් 84 ක් තුවාල ලබා ඇත.

ඩැමස්කසයේ මස්රා හි මුස්ලිම් පල්ලියට මෙම මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල වූ බව රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කලේය.

රොයිටර් හි අරාබි වාර්තාකරු කමෙල් සැක්ඩි ඩැමස්කසයේ සිට වාර්තා කලේ ප‍්‍රහාරය එල්ල වන විට ඉස්ලාම් පාඩමක් ඉගැන්වෙමින් තිබූ අතර මිය ගිය බොහෝ දෙනෙක් සිසුන් බවයි.

යාඥා සිදුවන අතර මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල විය. අසල ප‍්‍රදේශවල වැසියන් සිතා ඇත්තේ එය මෝටාර් ප‍්‍රහාරයක් බවයි. සටන් වැද සිටින රජයේ හමුදා සහ කැරලිකරුවන් අතර මෝටාර් හුවමාරු වන බව සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය කියයි.

83 හැවිරිදි බූටි සිරියාවේ ඉස්ලාමීය විද්‍යාර්ථී සංගමයේ සභාපති සහ ජනපති බෂාර් අසාද්ගේ ආධාර කරුවෙක් විය. සිරියානු විපක්ෂය කුණු ගොඩක් ලෙස දැක්වූ ඔහු රජයේ හමුදාවන්ට සහය දෙන ලෙස ඉල්ලා සිටියේය. ඔහුගේ මරණය රජයට දැඩි පහරක් වනු ඇත. රොයිටර් වෙත අදහස් පල කල අෆ්ෂින් රට්ටන්සි කියා සිටින්නේ මෙය නේටෝවේ අනුග‍්‍රහය ලත් රුසියානු කලාපයේ අස්ථාවරත්වයේ ප‍්‍රතිඵලයක් බවයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කැරලි කරුවන්ට අරමුදල් සැපයිම නවත්වන තෙක් මෙම ත‍්‍රස්ත ක‍්‍රියා නොනවතින බව ඔහුගේ අදහසයි.

March 23, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/92215/

0 comments: