Pages

Saturday, March 2, 2013

හලාල් සහතිකය ගත් ව්‍යාපාර කඩා වැටිලා

හලාල් සහතිකයට එරෙහි ව පවතින ගැටලූකාරී තත්ත්වය හේතුවෙන් එම සහතිකය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳපොළ දැඩි ලෙස කඩා වැටීමක් සිදු වී ඇති බව එම සහතිකය ලබාගෙන ඇති ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.

හලාල් සහතිකය පිළිබඳ ව පැන නැගී ඇති ගැටලූ සාකච්ඡුා කිරීම සඳහා පත්කළ කැබිනට් අනුකමිටුව හා හලාල් ලබාගෙන ඇති ව්‍යාපාරිකයන් අතර, එම සාකච්ඡවල දී ව්‍යාපාරිකයන් විසින් මෙම කරුණු කැබිනට් අනුකමිටුව වෙත අනාවරණය කර ඇත.

එසේ ම ජයමිඉයියතුල් උලමා සංවිධානය සඳහන් කළ පරිදි එක් භාණ්ඩයකට හල්ලා සහතිකය  සහිතවත්, එම භාණ්ඩයට හලාල් සහතිකය නොමැතිවත් නිකුත් කළ නොහැකි බව ද එම ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.

වැඩිදුරටත් ඔවුන් සඳහන් කර තිබුණේ වතුර බෝතලයට මෙන් ම ගම්මිරිස් කුඩු සඳහාත් සිමෙන්ති කොට්ට සඳහාත් හලාල් සහතිකය ලබාගැනීමට සිදුවීම ගැටලූකාරී තත්ත්වයක් බවට පරිවර්තන වී ඇති බවයි.

එමෙන් ම ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ සහතිකය :ීඛී* , හෝ වෙනත් එවැනි සහතිකයක් ලබාගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට දැරීමට සිදුවන පිරිවැයට වඩා පිරිවැයක් හලාල් සහතිකය ලබාගැනීම වෙනුවෙන් වැය කිරීමට සිදු වී ඇති බවත් ව්‍යාපාරිකයන් විසින් අමාත්‍ය අනුකමිටුව හමුවේ අනාවරණය කොට ඇත.

තව ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ව්‍යාපාරිකයන් විසින් මුස්ලිම් ජනයා වැඩි වශයෙන් වාසය කන ප‍්‍රදේශවලට හලාල් සහතිකය ඇති භාණ්ඩ පමණක් යොමු කිරීමට ‘‘මාෆියාවක්’’ ක‍්‍රියාත්මක වන බව ද ඔවුන් විසින් වැඩිදුරටත් අමාත්‍ය අනුකමිටුවට පෙන්වා දුන්හ.

March 1, 2013 at 2:07 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/91180/

0 comments: