Pages

Wednesday, March 20, 2013

ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!

ඉන්දීය රජය තමිල්නාඩුවේ සංචාරය කරන ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තවදුරටත් අපොහොසත් වන්නේ නම් නැවත වරක් සංචාරක අනතුරු ඇඟවීම නිකුත් කිරීමට සිදුවනු ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

තමිල්නාඩුවේ දී ශ‍්‍රී ලාංකියන්ට මුහුණ පෑමට සිදුවන තත්ත්වය පිළිබඳ ව වහා සාකච්ඡ කරන ලෙසත් වර්තමානයේ ශ‍්‍රී ලාංකිකයන් ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන ලෙසත් විදේශ අමාත්‍යංශය ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

චෙන්නායි දුම්රියක් තුළ දී සහ දුම්රිය ස්ථානයේ දී තවත් ශ‍්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමකට අමානුෂික ලෙස ප‍්‍රහාර එල්ල වීමෙන් පසුව විදේශ අමාත්‍යංශය මෙම පියවර ගත්තේ ය. ඒ අනුව අමාත්‍යංශයෙන් ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ප‍්‍රසාද් කාරියවසම් මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත් තානාපති නිලධාරීන් ඉන්දීය රජයේ විදේශ අමාත්‍යංශය සමඟ සාකච්ඡුා කිරීමට පියවර ගත් බවත් මෙම විදේශ අමාත්‍යංශ නිලධාරියා තවදුරටත් පැවැසීය.

එමෙන් ම මෙම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය රජයට පොරොන්දු වූ අයුරින් මෙරට සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට අපොහොසත් වුවහොත් යළිත් ශ‍්‍රී ලාංකිකයන්ට තමිල්නාඩුවේ සංචාරය කිරීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට සිදුවිය හැකි බව ය. 

ශ‍්‍රී ලාංකිකයන්ට තමිල්නාඩු සංචාරක අනතුරු ඇඟවීම නැවත වරක්
March 20, 2013 at 7:04 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92062/

ඉන්දීය රජයට විරෝධය දක්‌වන්න - ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ට විදේශ ඇමැති ජී. එල්. කියයි

භික්‍ෂූන් වහන්සේලා දෙනමකට අවස්‌ථා දෙකකදී තමිල්නාඩුවේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජයට දැඩි ලෙස විරෝධය දක්‌වන්නැයි එරට සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌වරයාට උපදෙස්‌ දුන් බව විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

මේ පහරදීමට එරෙහිව තමන් සියලු පියවර ගෙන ඇතැයි ද අවශ්‍ය කටයුතු සම්බන්ධව එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌වරයාට උපදෙස්‌ දුන් බව ද ඇමැතිවරයා කීය.

කොළඹ දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.

තමිල්නාඩුවේදී මෙරට භික්‍ෂූන් වහන්සේලාට පහර දීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර කවරේදැයි කරුණානායක මහතා විමසා සිටියේය.

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්
http://www.divaina.com/2013/03/20/news02.html

සබැඳි ලිපි
[
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html

මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.html
]

0 comments: