Pages

Friday, April 5, 2013

බෝගහපැලැස්ස ළමා නිවාසය ගැන කිතුනු සභාවත් අගරදගුරුත් නිහඬ ඇයි? - JHU

බෝගහපැලැස්ස ළමා නිවාසයේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කිතුනු සභාවේත් අගරදගුරුතුමාගේත් නිහැඩියාව විමතිය දනවන්නක් බව ජාතික හෙල උරුමය පවසයි.

එම පක්‍ෂ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන්ගේ අත්සනින් යුතුව නිනුත් කර ඇති නිවේදනයක මේ බව දක්වේ.

එම නිවේදනය මෙසේය.

තිස්සමහාරාම බෝගහපැලැස්ස ප‍්‍රදේශයේ ළමා නිවාසයක දරුවන් අවභාවිතාවේ යොදවමින් ලිංගිකව අපචාර ක‍්‍රියාවලට යොදා ගනිමින් එම ළමා නිවාසයේ තිබෙන ගොවිපළක සතුන් මැරවීම සඳහා එම දරුවන් යොමු කළ ළමා නිවාසයේ භාරකාර දේවගැතිවරයා සම්බන්යෙන් අගරදගුරුතුමාත් කිතුන් සභාවත් ගනු ලැබු ක‍්‍රියාමාර්ගය කුමක්දැයි අප විමසා සිටීමට කැමැත්තෙමු. ළමයින් කෲරත්වයට යොමු කරමින්, ළමයින්ට කිසිසේත් නොගැළපෙන ක‍්‍රියාවන් සඳහා යොදවමින් මෙම ළමා නිවාසයේ භාරකරු ලෙස කටයුතු කළ දේවගැතිවරයා ළමා නිවාස භූමියේ සත්ත්ව ගොවිපළක් පවත්වාගෙන යමින් තමා භාරයේ සිටින අහිංසක දරුවන් 84 දෙනෙකු මෙවැනි අමානුෂික, නොහොබිනා කටයුතුවල යෙදවීම කවර නම් දහමකට ගැළපේදැයි විමසිය යුතුව ඇත.

තව ද මෙම ගොවිපළ පවත්වාගෙන ගොස් ඇත්තේ ද නිතී විරෝධි ආකාරයටය. කිතිුනු දහම අනුව දරුවන්ගේ අයිතිවාසිකම් උදුරා ගන්නා අයට දඩුවම් කළ යුත්තේ කෙසේද යන්න ගැන බයිබලයේ කොතෙකුත් සඳහන්ව ඇත.  එවැනි දහමක නියෝජිතයෙක් ලෙස කටයුතු කරන මෙම දේවගැතිවරයා සම්බන්ධයෙන් කිතුනු සභාවේත් එහි වගකිව යුත්තන්ගේත් අගරදගුරුතුමාගේත් නිහැඩියාව අපගේ විමතියට හේතුවේ.

විශේෂයෙන්ම මතක් කළ යුතුව ඇත්තේ මොරටුව රාවතාවත්තේ කිතුනු සභාවේ අනුග‍්‍රහය ඇතිව පවත්වාගෙන ගිය ළමා නිවාසය සම්බන්ධයෙන් ගැටලූවක් පැන නැගුණු අවස්ථාවේදී අගරදගුරුතුමන් හා කිතුනු සභාව කටයුතු කළ ආකාරයත් ඒ සම්බන්ධයෙන් දැක් වු උනන්දුවත් මෙම ළමා නිවාසය සම්බන්ධයෙන් නොදක්වන්නේ කවර කාරනා මත ද යන්න අපගේ කුතුහලයට ද කම්පනයට හේතු වී ඇත.

සුනාමියට හසුව අසරණ වූ දරුවන් ද විවිධ හේතු මත අසරණභාවයට පත් දරුවන් ද මෙම ළමා නිවාසයේ සිටින අතර එම ළමා නිවාසයේ ඌරු කොටුවල සහ කුකුළු කොටුවල වැඩ කරන මෙම දරුවන්ට බුදුදහම ඇදහීම ද මෙම දේවගැතිවරයා තහනම් කර ඇත. මේ පිළිබඳව මාධ්‍යවේදීයෙකු විසින් ඉදිරිපත් කරන ලද වීඩියෝ දර්ශන අපගේ සිත් සසල කිරීමට ද හේතු විය. එබැවින් මෙම දේවගැතිවරයා සමබන්ධවත් මෙම ළමා නිවාසය සම්බන්ධවත් ගනු ලබන ක‍්‍රියාමාර්ගය පිළිබඳව අගරදගුරුතුමාගේත් කිතුනු සභාවේත් ස්ථාවරය දැන ගැනීමට අප කැමැත්තෙමු.

April 5, 2013 at 1:08 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92722/

[
සබැඳි ලිපි -

තිස්‌ස ළමා නිවසේ පාලනය පාස්‌ටර්ගේ සොයුරියටhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_6264.html
අනාථ දරුවන් ලවා ඌරන් මැවූ දේවගැතිවරයා අත්අඩංගුවට
http://denethharinna.blogspot.com/2013/03/blog-post_439.html
]

1 comments:

Anonymous said...

mehema moda katha ?? archbishop of Colombo is responsible for the Roman Catholics in Sri Lanka and not for all the Christian denominations or sects in the Country... so, he won't go to interfer with such matters, outside of his authority. He is not a "policeman" andif this place is a Roman catholic place(which I do not think )then it is under the jurisdiction ofthe Bishop of Galle. The Catholic church has a well organizedsystem of juridicy and not like "uncivilised extreemist groupes" which do not consider anylaw andorder of the Country ...before you write pl. learn about those things ... creating hatred is wrong in budddhism as well also do not Forget the pansil "musawada weramani sikka ..."