Pages

Wednesday, April 10, 2013

TNA - MC හවුල අන්තවාදය සවිමත් කෙරුමටද?

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා දෙමළ ජාතික සන්ධානය අතර පවතින දේශපාලන විරසකකම් තුරන් කරමින් දෙමළ හා මුස්ලිම් ප‍්‍රජාව අතර සංහිඳියාව ඇති කිරීමට දෙපාර්ශ්වය ම එකමුතුව කටයුතු කිරීමේ කාලය එළැඹ ඇතැයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී හරිස් නසීර් අහමඞ් මහතා ප‍්‍රකාශ කරයි.

ඉතිහාසය පුරාවට උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වූ බව ද අහමඞ් මහතා පවසයි.

මුස්ලිම් හා දෙමළ ජනතාව අතර සංහිඳියාව ශක්තිමත් වීමට විශේෂයෙන් ම දෙමළ සභාව මහත් පිටිවහලක් බව ද මුස්ලිම් ප‍්‍රජාවට එරෙහි අසාධාරණකම්වල දී දෙමළ දේශපාලනඥයන් පෙනී සිටි බව ද අහමඞ් මහතා කියයි.

ඇමැතිවරයා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ද පවසයි.

‘වසර තිහක යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව අතරින් එහි බලපෑම් මුළුමනින් ම පහ ව ගොස් නැත. එම බලපෑස් එකවර බැහැර කිරීමට හෝ අමතක කර දැමීම ද කළ නොහැක්කක්. ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් වෙන්න තවත් කාලයක් අවශ්‍ය වෙනවා.

මේ සඳහා උතුරු නැෙඟනහිර පළාත්වල වෙසෙන දෙමළ මුස්ලිම් ජනතාව අතර සහයෝගය සංහිඳියාව ඇති කිරීමට එම ජනතාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයත් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයත් ප‍්‍රමුඛතාවය ගෙන කටයුතු කළ යුතුයි. බිම් මට්ටමේ සිට ඒ වෙනුවෙන් සාකච්ඡුා ආරම්භ කිරීම වැදගත්’


TNA මුස්ලිම් කොංග‍්‍රස් එකතු වෙන්න කාලය ඇවිල්ලා
April 9, 2013 at 3:48 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92929/

[
සබැඳි ලිපි -
දෙ.ජා.ස පිල්ලේට කියන්නේ මොනවාද?
http://denethharinna.blogspot.com/2012/08/blog-post_31.html
නැගෙනහිර ඡන්දය සහ ජාතිවාදය
http://denethharinna.blogspot.com/2012/08/blog-post_30.html
ජන්ම උරුමයන් වූ මුසල්මානු කපටිකම - දෙපිටි කාට්ටු දේශපාලනය !
http://denethharinna.blogspot.com/2012/08/blog-post_155.html
]

0 comments: