Pages

Wednesday, April 3, 2013

‘කච්චතිවු ඉන්දියාවට පවරාගනු’ – ජයලලිතා

1974 දී ඉන්දීය මධ්‍යම රජය හා ශ‍්‍රී ලංකා රජය අතර, අත්සන් කළ කච්චතිවු ගිවිසුම අවලංගු කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගත යුතු බව තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ජයරාම් පවසයි. එවකට අගමැති වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් අත්සන් කළ ගිවිසුම අනුව කච්චතිවු ¥පතේ අයිතිය ශ‍්‍රී ලංකාවට හිමිවිය.

මෙම ගිවිසුම හේතුවෙන් ඉන්දීය ධීවරයන්ට ද ශ‍්‍රී ලංකාව තුළ කරන හිරිහැර වර්ධනය වන බවත්, වහා ම එම ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කළ බවත්. ජයලලිතා සඳහන් කරයි. එසේ ම එවැනි ක‍්‍රියා මාර්ගයක් ගැනීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු නො කළහොත් එයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බවත් මහ ඇමතිනිය කියා සිටී.


March 27, 2013 at 1:46 pm | lanka C news

0 comments: