Pages

Monday, September 5, 2016

'වකුගඩු සටන' යුද්ධයක්‌ වන හැටි! රටක් වෙනුවෙන් හඬක් නඟනා චන්න ජයසුමනයන්ට උපහාර වේවා!

ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමනයන් විසින් රචිත 'වකුගඩු සටන'' කෘතිය අගෝස්‌තු 3 වැනි දා එළිදැක්‌විණි. චන්න ජයසුමන නම් වූ වෛද්‍යවරයා, පර්යේෂකයා සහ සමාජ ක්‍රියාකාරිකයා වකුගඩු සටන් බිමට අවතීර්ණ වී දශකයකට ආසන්න කාලයක්‌ ලබාගත් අත්දැකීම් සහ රෝගයට අදාළ විද්‍යාත්මක පැතිකඩ එම කෘතිය මගින් මනාව ඉදිරිපත් කොට ඇත. මේ රටේ නිදහස්‌ අධ්‍යාපනයට පින්සිදු වන්නට අහිංසක පොදු ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබාගෙන සමාජ හිණිමගේ ඉහළට නගිමින් තමාට අතදුන් පහළ තලයට පස්‌ස හරවන උගතුන්ට...

Sunday, September 4, 2016

මල්ලෙන් එළියට ආවේ බළලකු නොව විග්නේෂ්වරන් නම් කොටියෙකි!

අද මේ පුවත්පතෙහි පළවන මුල් පුවත යම් තරමක අවුලකි. බළලකු වෙනුවට කොටියකු මල්ලෙන් එළියට පැනීමකි. යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්විමක්‌ අවශ්‍ය බව උතුරේ මහ ඇමැති සී. විග්නේෂ්වරන් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ට කී බව එහි සඳහන්ය. අපට හැඟෙන පරිදි නම් විග්නේෂ්වරන් මේ ඉල්ලන්නේ පිටරටවල සිටින විනිසුරුවන් ශ්‍රී ලංකාවට පැමිණ යුද අපරාධ සම්බන්ධයෙන් නඩු ඇසිය යුතු බවය. වසර 30 ක යුද සමයේදී හෝ යුද්ධයේ අවසන් කොටසේදී කිසියම් සාපරාධී...

බර අඩු කර ගැනීමද භාවනාවකි!

භාවනා කරන විට රන්ඩු සරුවල් නතරවේ... ආශාවෙන් කන කෑමද ප්‍රතික්‍ෂේප කරයි... අලස බව දුරුවේ... භාවනා කිරීමෙන් ඔබ තවත් ශක්‌තිමත් වන්න... බර අඩු කර ගැනීමේ නිවැරදි වැඩසටහනකදී නිසි ඉලක්‌කය තෝරා ගෙන වීර්යය වැඩීමත්, නිසි ආහාර පාලනයත්, ව්‍යායාමත් මනස සතුටෙන් තබාගැනීමත් එකවිට ක්‍රියාත්මක කිරීමෙන් ඒවා වෙන වෙනම ක්‍රියාත්මක කොට ලැබෙන ප්‍රතිඵල වල එකතුවට වඩා උසස්‌ ප්‍රතිඵලයක්‌ අනිවාර්යයෙන්ම ලැබෙයි. නිදසුනක්‌ ලෙස ආහාර පාලනය තනිව ක්‍රියාත්මක කිරීමෙන් කෙනකුට කිලෝ...

මේ නිමේෂයද අනිත්‍යයට පත්වන ධර්මතාවක්‌ම පමණි! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.  මේ මොහොතේ භික්‍ෂුව අතීත ගිහි ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී මට තිබුණේ සප්ත බොජ්ජංගයට වඩා පංච නීවරණයට බර ජීවිතයක්‌. භික්‍ෂුවගේ...

ආත්‍රයිටිස්‌ පුංචි ළමයින්ටත් හැදෙනවා. ඒත් සනීප කරන්න පුළුවන් - වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි

වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය.  ප්‍රශ්නය...

මුත්‍රා ගල් නැති කරන "නීරමුල්ලිය" ප්‍රතිකාරය

වකුගඩු ගල කුඩා ස්‌ඵටික විශේෂයක්‌. මුත්‍රාවල තිබෙන බනිජ ද්‍රව්‍ය වකුගඩු හරහා ගමන් කරද්දී වකුගඩුවල තැන්පත් වී කුඩා ගල් වශයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. මෙවැනි ගල් කුඩා අවස්‌ථාවේදී අපට නොදැනී කිසි අමාරුවක්‌ නැතිව වකුගඩුවලින් නික්‌මී මුත්‍රා මාර්ගයෙන් අපේ සිරුරින් බැහැර වෙනවා. ඒත් සමහර වකුගඩු ගල් එසේ නොවී මි.මී. 3 ක පමණ ප්‍රමාණය තෙක්‌ විශාලව මුත්‍රවාහිනී නාලවලට අවහිර කරනවා. වේදනාව හට ගැනීම පටන් ගන්නේ නම් මේ අවස්‌ථාවේදීය. මේ වේදනාව විටින් විට හටගන්නා අතර...

මහා කරුණාවේ සිරස බිඳ දැමු බාමියාන් වෙස්‌ගත් කොටි අවතාර...

මහා කාරුණිකත්වයේ එකම ප්‍රතිමූර්තිය අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ සතු වූ කාරුණිකගුණය මෙලොව පහළ වූ කිසිදු ශාස්‌තෘවරයකුට හෝ විද්වතෙකුට පහල වූ බවට සාක්‍ෂියක්‌ නොමැත. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ඒ කාරුණික ගුණයට මේ දිනවල උතුරු පළාතෙන් අකාරුණික බවක්‌ පළවෙමින් පවතී. උතුරු පළාත් සභාව මුලින්ම සිය තර්ජනාංගුලිය ඇරඹුවේ කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානයටය. එහි බුදුපිළිමයත්, විහාර මන්දිරයත් ඉවත් කොට එම විහාරස්‌ථානයේ වැඩ වාසය කරන ශ්‍රී තිස්‌සපුර ගුණරතන...

අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට මන්ත්‍රීවරුන්ට කොළේ වසා ශ්‍රී ලංකාව ගොදුරු කළ හැටි

පසුගිය දිනවල බරපතළ කතාබහට ලක්‌වූ අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කිරීමේ ක්‍රියාවලිය තුළ තවත් ඉතා සූක්‍ෂම ක්‍රියාවලියක්‌ සිදුවිය. ඒ බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රාඥප්තිය එම පනතට සම්බන්ධ කිරීම මගින් ඊට ව්‍යාජ ලෙස වංලගු භාවය ලබාදීමයි. එහිදී එක්‌සත් ජාතින්ගේ සංවිධානයේ පටිපාටි උල්ලංඝණය කිරීමක්‌ද සිදුව ඇති බව පෙනේ. පනතේ 27 වැනි වගන්තිය මගින් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය පනතට සම්බන්ධකොට ඇත්තේ අතුරුදහන්වූවන් නිර්වචනය කිරීමේ මුවාවෙනි....

'උතුරේ බුදු පිළිම කඩා දැමීම ගැන වහා පරීක්ෂණයක් ඕනෑ' - අස්ගිරි මහා නාහිමි

කිලිනොච්චිය ප්‍රදේශයේ ඉදිකොට තිබූ බුද්ධ ප්‍රතිමා කඩා දැමීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන මෙන් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහ නාහිමියන් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ. ඒ ඊයේ (01) පස්වරුවේ උන්වහන්සේ බැහැදැකීමට අමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදීය. එහිදී උන්වහන්සේ අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කොට සිටියේ එවැනි ක්‍රියා තුළින් රටේ සහජීවනයට බලවත් පහරක් එල්ල...

ගැමුණු රජුන්ගේ සමයේ රුවන්වැලි මහා සෑය වටා තිබූ වැලි මළුව යළි ඉදිවෙයි!

ඓතිහාසික අනුරාධපුර රත්නමාලි චෛත්‍ය රාජයාණන් වටා ඇති ඇත් පවුරට පහළින් වූ බිම්තීරුව පෙර රජ දවස වැලිමළුවක් ලෙස පැවැතියත් අද වන විට එය දක්නට නැතැයිද ඒ නිසා අංගසම්පූර්ණ වැලිමළුවක් පිහිටුවීම මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ මහවිහාර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ආරම්භ කර ඇති බවත් රත්නමාලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පල්ලේගම හේමරතන නාහිමියෝ නව වැලිමළුව ඉදිකිරීමේ සැලැස්ම මෙසේ විස්තර කළහ. මෙම ව්‍යාපෘතිය...

බ්‍රිතාන්‍යයේත් බුර්කාව තහනම් වල ලකුණු! 57%ක් බුර්කාව එපා කියයි.

ඇතැම් ඉස්ලාමීය කාන්තාවන් මුහුණ ආවරණය වන සේ අදිනු ලබන (බුර්කා) ඇදුම බ්‍රිතාන්‍යය තුළ තහනම් කළ යුතු බවට, ඒ සම්බන්ධයෙන් මත විමසුමකට සම්බන්ධ වූ පිරිසෙන් බහුතරයක් ප්‍රකාශ කර තිබෙනවා. එම මත විමසුමට සහභාගී වූවන්ගෙන් 57%ක් බුර්කාව ප්‍ර‍සිද්ධ ස්ථානයන්හිදී නොඇඳිය යුතුබව පවසා තිබෙන අතර, වයස අවුරුදු 18ත් 24ත් අතර කණ්ඩායම පමණක් බුර්කාව තහනම් නොකළ යුතුය යන මතයේ සිටිනවා. ඉස්ලාමීය අන්තවාදය සහ ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් යුරෝපීය රටවල් රැසක් බුර්කාව තහනම්...