Pages

Wednesday, November 23, 2016

ම්ලේච්ඡත්වය "මහවිරු" යෑයි කියන්නේ කොහොමද? විරු දිනය ගැන බොරුව තේරුම් ගන්න!

සහජීවනය-සංහිඳියාව වැනි වචනවල අර්ථය ගැන උතුරු පළාත් සභාවේ බොහෝ දෙනකුට තේරෙන්නේ නැත. නොඑසේනම් බලෙන්ම අමතක කරන්නේය. ඒ නිසාම ඉඳහිට අමුතු වර්ගයේ ඉල්ලීම් කරන්නටත්, සද්ද දමන්නටත් උතුරේ බොහෝ දෙනෙකු පුරුදුව සිටිති. උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් එවැන්නෙකි. ශිවාජිලිංගම් ඊයේ පෙරේදා කලක සිට පටන් පුරුද්දට මෙන් කරන තර්ජනයක්‌ නොවන ඉල්ලීමක්‌ කර තිබේ. ඒ අනුව එළැඹෙන 27 වැනිදා මහවිරු දිනය සැමරීමට උතුරේ ජනතාවට ඉඩ ලබාදිය යුතුය. ශිවාජිලිංගම්ට අනුව...

ජාතික හා සංස්‌කෘතික විනාශය වහා නවත්වන්න - ඥනසාර හිමි

සිංහල බෞද්ධ පාරම්පරික අයිතියටත් බෞද්ධාගමික සංස්‌කෘති යටත් හිමි ජාතික හා පූජනීය වස්‌තූන් විනාශ කරමින් ඇතැම් ප්‍රදේශයන්හි අන්‍යා ගමිකයන් සිදුකරන විනාශය නැවැත්වීම සඳහා දළදා වහන්සේගේ පිහිට ඉල්ලා සිටින බව ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට සෙනසුරාදා (19 දා) පස්‌වරුවේ පැවැති ගිහි පැවිදි රැස්‌වීමකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.  අන්‍යාගමිකයන් සහ ඔවුන්ගේ සංවිධාන මගින් සිදු කෙරෙමින් පවතින ජාතික හා සංස්‌කෘතික විනාශය වහා...

මුඛවාඩම් බැඳ සංහිඳියාව රැකීම හෙවත් සිංහල ජාතිකත්වය මැඬීම

දේදුනු විප්ලවයෙන් බිහිවූ යහපාලන ආණ්‌ඩුවේ ප්‍රමුඛතම සටන්පාඨය වූයේ සංහිඳියාවයි. දැන් මේ යහපාලන ආණ්‌ඩුවට වසර දෙකක්‌ සම්පූර්ණ වීමටත් ආසන්න වෙද්දී රට පුරා සංහිඳියාව හොඳින් ස්‌ථාපිතවී තිබේද යන්න සොයා බැලීම වඩාත් උචිත යෑයි හැඟෙන්නේ කවරක්‌ නිසාද? ආගමික හා ජාතික සංහිඳියාවට බාධා වන අන්දමේ වෛරී ප්‍රකාශ නිකුත් කරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පෙරේදා සිට පිහිටුවා ඇති...

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉඩම්, පොලිස්‌ බලතල පළාත් සභාවලට පවරනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත් සභාවලට හිමි ඉඩම් සහ පොලිස්‌ බලතල පැවරීමට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අනුකමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය. ඊට අදාළ යෝජනාව ජාතික ගැටුම් මානව හිමිකම් සහ රාජ්‍ය... පරිපාලනය පිළිබඳව පත් කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අනුකමිටුව විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙන බව පැවසූ ඒ මහතා...

ඩයිනමයිට්‌ කා මන්නාරමෙන් ගොඩ ගැසුවේ ලංකාවේ අන්තිම මුහුදු ඌරාද?

මන්නාරම, තාවිල්පාඩු මුහුදු වෙරළ තීරයට ගොඩගසා තිබූ සතා පළපුරුදු ධීවරයන්ට පවා හඳුනා ගැනීමට අපහසු අමුතු වර්ගයේ එකෙකු විය. අතිශය කලාතුරකින් දකින්නට හැකි මුහුදු ඌරෙක්‌ ලෙස මේ මළ සිරුර හඳුනා ගනු ලැබුවේ, වන ජීවී නිලධාරීන් විසිනි. මේ සිද්ධිය වාර්තා වන්නේ පසුගිය අටවැනිදාය. කුඩාදූපතක්‌ සහ එමෙන් විසිපස්‌ ගුණයකින් යුත් මහ සයුරක හිමිකරුවන් වී සිටින අප, අප වටා ඇති සමුදුරේ වටිනාකම කිසිදු අයුරකින් හඳුනාගෙන නැත. මුහුදු ඌරා අයත් වන්නේද ශ්‍රී ලංකාව විසින් හඳුනා...

ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා ඉන්දියානුවන් උදුරාගන්නා හැටි

ශ්‍රී ලාංකිකයින්ට හිමි රැකියා අවස්‌ථා ඉන්දියානුවන් විසින් උදුරාගනු ඇතැයි අනතුරු අඟවමින් වෘත්තික සංවිධාන පෙරමුණක්‌ විසින් පසු ගිය දිනවල රට පුරා පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ දියත් කොට තිබිණි. එහෙත් එම පෝස්‌ටර් දුටු සාමාන්‍ය ජනතාව එවැන්නක්‌ සිදු වන්නේ කෙසේද යන ප්‍රහේලිකාව විසඳා ගැනීම සඳහා කතාබහ කරනු දක්‌නට ලැබුණි. මෙම ලිපියේ අමුණ ප්‍රායෝගිකව එවැන්නක්‌ සිදුවන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමය. පසුගිය දිනවල ''එට්‌කා'' හිතවාදී විද්වතුන් පුන පුනා ප්‍රකාශ කළේ එම...

ඕනෑම අකීකරු ලෝක ධර්මයක්‌ ඉදිරියේ නොසැලී සිටින්නට නම්... මහරහතුන් වැඩි මග ඔස්‌සේ (චිත්තානුපස්‌සනාව - 13)

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.  ආධ්‍යාත්මික රූපයත් මාරයාම වූ කල, මීට උපකාරක ධර්මයන් සකස්‌කොට දෙන විඤ්ඤානයත් මාරයාම වූ කල, මෙහි ඵලය වන, ඵස්‌සය කියන ධර්මතාවත්...

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් රුසියාව ඉවත් වෙයි!

ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවදුරටත් ස්වාධීන ආයතනයක් නොවන බැවින්, ඒ හා සම්බන්ධ ගිවිසුම්වලින් ඉවත්වීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් එරට අධිකරණ අමාත්‍යාංශයට හා විදේශ අමාත්‍යාංශයට නියෝග කර තිබේ. එමෙන්ම, මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද දැනුම්වත් කරන ලෙස පූටින් විදේශ අමාත්‍යාංශයට නියෝග කර ඇත. විශේෂයෙන්ම පසුගියදා ප්‍රංශ ජනපති ප්‍රංශුවා හොලන්දේ විසින් සිදුකළ ප්‍රකාශයක්ද රුසියාව මේ ආකාරයෙන් එම ආයතනයෙන් ඉවත්වීමට හේතු වී ඇත. රුසියාව විසින්...

Tuesday, November 22, 2016

පළාත්සභාවලට ස්වාධීන බලතල.. විසුරුවාහැරීමේ බලයත් ජනපතිගෙන් ගිලිහෙයි!

ඉඩම්, පොලිස්‌ සහ මුදල් පිළිබඳ පූර්ණ බලතල පළාත් සභා සඳහා ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාට දැනට ඇති බලතල සීමා කිරීමටත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට යෝජනා ඉදිරිපත් කර ඇත. මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ උපකමිටු හයෙන් එකක්‌ වන මධ්‍ය පරිධිය සබඳතා පිළිබඳ උප කමිටුව විසිනි. ව්‍යවස්‌ථා කටයුතු සම්පාදන කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ උපදෙස්‌ මත...

Monday, November 21, 2016

සමෘද්ධිය කපා, ඡන්ද අයිතිය අහිමි කර, මඩකලපුව සිංහල ජනයා පන්නා දමන සහජීවන නාඩගම!

මඩකලපුව පුරවරයේ මෑත අතිතයේදී තිස්‌දහසකට අධික සිංහල ජනයා වාසය කරතිබේ. මහා පරිමාණ වෙළෝද ව්‍යාපාර පවත්වා ගනිමින් ඔවුන් දමිළ මුස්‌ලිම් ජනයා සමඟින් සහෝදරත්වයෙන් කල් ගෙවන්නට විය. තිස්‌ අවුරුදු කුරිරු යුද්ධය සියල්ල උඩුකුරු කරන්නට වූහ. දිනෙන් දින මඩකලපුව නගරයේ පමණක්‌ නොව මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් සියලු ගම්බිම්වල ජනයාටද බේරී ඉන්නට නොහැකි විය. වියරු කොටින්ගේ වෙඩි උණ්‌ඩයට මන්නා පහරට ලක්‌ව දිනෙන් දින සිංහල ජනයා රුහිරු ගංගාවන් මත වියළි වැලි පොළොව තෙත්...

Wednesday, November 16, 2016

වයස 13 දැරිය හිරේට ගත් මූසලුවා ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට.. බරපතල වැඩ ඇතිව හිරේට...

වසය අවුරුදු 13ක දැරියක් ඉස්ලාම් ශරියා නීතියට අනුව විවාහ කරගත් අහම්ඩ් චම්මා නමැති 26 හැවිරිදි පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා 2012 වසරේ සිට මෙම දැරිය සමග ලිංගික සබදතා පවත්වා ඇති අතර මෙම වසරේ මුල් කාලයේදී ඉස්ලාම් නිතිය යටතේ විවාහවී ඇත. නමුත් ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය නීතියට අනුව වයස අවුරුදු 13ක දැරියක් සමග ලිංගික සබදතා පැවැත්වීම ළමා අපචාර චෝදනා යටතේ දඩුවම් ලැබිය හැකි දරුණු අපරාධයකි. ඒ අනුව...

මඩකලපුවේ පන්සලක් ඩෝසර් කරලා... පුරාවිද්‍යා රක්ෂිතය අල්ලා වී වගාකරලා!

මඩකලපුව -චෙංකල්අඩි මහඔය මාර්ගයේ කරදියන් ආරු ප්‍රදේශයේ තිබූ ඓතිහාසික විහාරස්ථානයක් ඩෝසර් කර එම ඉඩමේ කුඹුරු සකසා වී වගා කර ඇති බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ. එම ස්ථානයේ තිබු ඓතිහාසික ගල්කණු ගලවා එක්තැනකට ගොඩ ගසා ඇති අතර පන්සල් භූමිය ලෙස සැලකෙන ස්ථානයේ කුඹුරක් සකස් කර වී වගා කර තිබේ. මෙම කුඹුරු සකස් කිරීමේදී එම ස්ථානයේ තිබු පුරා විද්‍යා සාධකවලටද හානි සිදුවී ඇත. අක්කර ගණනාවකින් සමන්විත මෙම ස්ථානය අල්ලා ඉඩම් වලට වැටවල්...

Sunday, November 13, 2016

සීමාවෙන් එහා ගොස්‌ නිර්මාණය වූ ගංගාරාමයේ සීමාමාලකය

* ලංකාවට මුලින්ම කැමරාව ගෙනාවේ ඇන්ඩෲ කියන සුදු ජාතිකය.... ඔහුගේ ඡායාරූප එකතුවේ  පැරැණි සීමාමාලකය තියෙනව. * සීමාමාලකය සඳහා වියදම දැරුවෙ මුස්‌ලිම් ජාතික 'මුසාජි' පවුල * ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව සීමාමාලකයේ අනුරුවක්‌. * 1954 දී ස්‌වාමීන්වහන්සේ පනස්‌ නමක්‌ සමඟ පැරැණි සීමාමාලකය කඩා වැටෙනව. * මේ ස්‌ථානය ඉදිකිරීමේ පුරෝගාමියා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හිමියෝ. 1905 දී තමයි ඇන්ඩෲ කියන සුදු ජාතික මහත්තයා ලංකාවට මුලින්ම කැමරාවක්‌ ගේන්නෙ....