Pages

Saturday, August 25, 2018

සිංහල ධීවර පවුල් පන්නා දමයි... මුහුදු මහා විහාරයේ අක්කර 700කින් 697ක්ම ආක්‍රමණය කරයි...

අද උතුර නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ඉතා දරුණු ලෙස වනසා දමමින් ඇති බවටත් ඔවුන්ගේ ඊනියා සහජීවනය බිඳ වැටේ යැයි සිතා ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම බුද්ධශාසන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටත් ජානිපෙ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා චෝදනා කරයි. බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ චෝදනා කළේය. උතුරේ...

බෞද්ධ නටබුන් තිබූ වඩිනාගල අන්‍යාගමික ආක‍්‍රමණයක්.. කෝවිලක් ඉදි කරන්න සූදානම්..

වවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය අන්‍ය ආගමිකයින් පිරිසක් විසින් ආක්‍රමණය කොට ඔවුන්ගේ කෝවිලක් ඉදි කිරීමේ සූධානමක් පවති. මීට දින දහයකට පමණ ඉහතදී මේ ස්ථානයේ නිධන් හෑරීමට දකුණේ සිට පැමිණි හතර දෙනෙකු පොලිස් අත් අඩංගුවට පත් වූ අතර ඉන් පසුව එම ස්ථානයේ කිසියම් පිරිසක් විසින් කෝවිල් ඉදිකිරීම සඳහා වැඳුම් පිදුම් කිරීමට පියවර ගෙන ඇත. එහිදී කෝවිල ඉදිකිරීමට පටන් ගෙන ඇති පිරිස කියා සිටින්නේ...

වසර 2300කට පසු යක්ෂ ගෝත්‍රික පිං බිමක් කල එළි වෙයි

දෙවන පෑතිස් රජ සමයේ ඉදිකරන ලදැයි සැලකෙන අනුරාධපුර අඩම්පනේ පුරාණ දෙමටමල් විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන්වහන්සේ ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු කොත් පැලැදවීමේ පුණ්‍ය මහෝත්සවය අද දින එනම් 2018 අගෝස්තු මස 20 සඳුදා සිදු විය. මිරිසවැටිය රාජමහා විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමෙන් පසු රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන තරුණ මැතිතුමන්ගේ අතින් කොත පැළදවීම සිදු විය. අනුරාධපුර නගයේ සිට පුත්තලම...

Wednesday, August 1, 2018

යාපනයේ කැළයකින් බෞද්ධ උරුම නටබුන් රැසක්‌ හමුවෙයි

යාපනයේ පුතූර් ප්‍රදේශයේ කැලයක බෞද්ධ උරුමයන් සහිත නටබුන් රැසක්‌ හමුවී ඇතැයි යාපනය පුරා විද්‍යා කාර්යාලය ප්‍රකාශ කරයි. මේ බෞද්ධ පුරාවස්‌තු පිළිබඳව ස්‌ථීර වශයෙන් යමක්‌ පැවසිය නොහැකි බව කියා සිටින යාපනය පුරා විද්‍යා කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබඳව උසස්‌ නිලධාරීන් දැනුවත් කොට ඇති බවද පැවසීය. යුද සමයේදී යාපනයේ කැලෑබද ප්‍රදේශවල පිහිටි පුරාවස්‌තු රැසක්‌ම විනාශ වී ගොස්‌ ඇති බව පවසන පුරා විද්‍යා නිලධාරීන් මෑතකදී නිලධාරීන් හා සේවකයින් දෙපාර්තමේන්තුවට අලුතින් බඳවාගෙන ඔවුන්ගෙන් විශාල පිරිසක්‌ උතුරේ රාජකාරී කටයුතුවල යෙදවීමත් සමගම මෙවැනි නව පුරාවස්‌තූන් සොයා...